Photobucket

Thursday, February 28, 2013

රටවල් 55ක විද්‍යාඥයෝ රියෝ නගරයේ දී රැස්වෙති

ලොව දුගී දුප්පත්කම තුරන් කර තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට විද්‍යාව උපයෝගිකර ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට රටවල් 55ක විද්‍යාඥයෝ රියෝ නගරයේ පැවැත්වෙන දෙදින සම්මන්ත්‍රණයකට සහභාගි වි සිටිති. ජාතික විද්‍යා ඇකඩමි 106ක් නියෝජනය කරන අන්තර් ඇකඩමි සමිටුවේ සාමාජිකයන්ද ඊට සහභාගි වේ.

ගෝලිය උණුසුම , ජනගහණ වර්ධනය ,ක්ලොන ප්‍රජනනය , ආහාර සුරක්ෂිතතාව , ගෝලීය උණුසුම සහ පරිනාමය යන කරුණු කෙරේ මෙහිදී වැඩි අවධානය යොමු කරනු ඇත. 

මෙම සම්මන්ත්‍රණයේ තේමාව සකසා ගෙන ඇත්තේ පසුගිය වසරේ දි පැවති රියෝ 20 ජගත් තිරසාර සංවර්ධන මහ සමුළුව ඇතුළු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමුළුවල තේමා පදනම් කරගෙනයි.

මෙම සම්මන්ත්‍රණයේ න්‍යාය පත්‍රය වසර 2015 දක්වා දිවෙන බැවින් මෙය ලෝක ප්‍රජාවට වැදගත් සමුළුවක් ලෙස සැලකේ. වසර 2015 දි සපුරා ගත යුතු සහශ්‍රක සංවර්ධන ඉලක්ක අත්පත් කර ගැනිමට සංවර්ධනය වෙමින් පවතින රටවල අදහස් ද දායකකර ගැනීමට මෙමඟින් ඉඩකඩ සැලසෙනු ඇතැයි විශ්වාස කෙරේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all