Photobucket

Thursday, February 28, 2013

රහස් පොලිස් වෙස් ගෙන ඇවිත් රා මදින්නන්ගෙන් කප්පම් අරන්

මඩොල්සිම පිටමාරුව ඇකිරිය වැවතැන්න දුෂ්කර ගම්මාන වලට ගොස් රහස් පොලිස් නිලධාරින් ලෙස රඟපා කප්පම් මුදල් ලබාගත් පුද්ගලයින් සිව් දෙනෙකු මඩොල්සිම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 

මේ සැකකරුවන් විසින් එසේ එකතුකර ගත් කප්පම් මුදල් රුපියල් 15000ක් ද සැකකරුවන් ළඟ තිබී පොලිසිය සොයා ගෙන ඇත. අරාව ප්‍රදේශයේ තරුණයන් සිව් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනැයි පොලිසිය කීය. 

මොවුන් මේ දුෂ්කර ගම්මාන වලට ගොස් රහස් පොලිස් නිලධාරින් යැයි පවසා ජනතාව බියකර නිවාස පරීක්ෂා කර ඇති අතර, පසුව නිවාසවල සිටි කිතුල් රා මදින්නන්ගෙන් මොවුන් සිව්දෙනා රුපියල් 15000 බැගින් මෙසේ කප්පම් මුදල් ලබාගෙන ඇති බව පොලිසිය කීය. වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්. ඩබ්ලිව්.හේරත් මහතා ඇතුළු නිලධරයෝ පරීක්ෂණ පවත්වති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all