ලංකා පොහොර සමාගම වෙත ලැබිය යුතු රුපියල් කෝටි හතළිස්
නවයකට ආසන්න මුදලක් මහා භාණ්‌ඩාගාරය විසින් අවුරුදු විසි
දෙකක් තිස්‌සේ ගෙවීම පැහැර හැර ඇතැයි අනාවරණය වේ.
ලංකා පොහොර සමාගමේ 2012 වාර්ෂික වාර්තාවට අනුව මෙම මුදල් නිරවුල්කර යළි ලබා දෙනු ඇතැයි විශ්වාස කළ හැකි බවට මහා භාණ්‌ඩාගාරයෙන් කිසිදු පැහැදිලි සහතිකයක් මේ දක්‌වා ලබාදී නැත.
සීමාසහිත ලංකා පොහොර සමාගමේ විගණකවරුන් සඳහන් කරන අන්දමට රුපියල් කෝටි හතළිස්‌නවයකට ආසන්න මෙම මුදල භාණ්‌ඩාගාරයෙන් අයකර ගැනීම අපහසු වී ඇත.
1985 වසර එකතු කළ අගය මත බදු හිමිකම වන රුපියල් අටකෝටි පනස් හයලක්‍ෂ විසිහතර දහසක්. යාල සහනාධාර ලෙස සඳහන් රුපියල් විසිකෝටි අසූ හත්ලක්‍ෂයක්, යූරියා සහනාධාර මුදල වන රුපියල් දහතුන් කෝටි අසූතුන් ලක්‍ෂයක් සහ ජපන් පොහොර ප්‍රදාන වෙනුවෙන් වූ රුපියල් පන්කෝටි තිස්‌පන් ලක්‍ෂයක මුදලක් මෙසේ මහා භාණ්‌ඩාගාරය විසින් ලංකා පොහොර සමාගම වෙත 1988 වසරේ සිට ගෙවීමට ඇතැයි ප්‍රනාන්දු සහ හේවගේ යන විගණ සමාගම සඳහන් කරයි.

0 comments:
Post a Comment