ලාභ ලබන ගුවන් තැපෑල පෞද්ගලික සමාගමකට විකිණීම සඳහා රජය
හොර රහසේ අත්සන් කර ඇති ගිවිසුම වහාම අහෝසි කරන ලෙස තැපැල්
වෘත්තීය සමිති නායකයෝ රජයෙන් ඉල්ලා සිටිති.
තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ පළමු පියවර ලෙස ගුවන් තැපෑල සමාගමකට විකිණීමට සැලැසුම් කර ඇතැයි ලංකා තැපැල් සේවා සංගමයේ ලේකම් ජයන්ත විඡේසේකර මහතා දිවයිනට පැවැසීය.
ගුවන් තැපෑල විකුණා දැමීම සම්බන්ධව අත්සන් කර ඇති ගිවිසුම අහෝසි නොකළොත් ඉදිරියේදී ඊට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බවද හෙතෙම කීය.
මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු දැක්‌වූ ජයන්ත විඡේසේකර මහතා මෙසේද පැවසීය.
රජය ගුවන් තැපෑල විකුණා දමලයි තිබෙන්නේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළු ලෝකයේ ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් 17 ක් සමග එකතුවෙලයි තැපැල් දෙපාර්තමේන්තුව ගුවන් තැපැල් සේවාව පවත්වාගෙන ගෙන ගියේ.
නමුත් වෘත්තීය සමිති දැනුවත් නොකර රජය හොර රහසේ ගිවිසුමක් අත්සන් කරලා 2013 ජනවාරි මස 1 වෙනි දා සිට බල පැවැත්වෙන පරිදි ගුවන් තැපෑල සීවාරෝ නමැති සමාගමට දීලා. මෙම සමාගමට තැපැල් කටයුතු පිළිබඳව කිසිම පළපුරුද්දක් නැහැ.

0 comments:
Post a Comment