කොළඹ නීති පීඨ ශිෂ්‍යාවගේ අත කැපීමේ සිද්ධිය පිළිබඳව
විමර්ශනය කළ විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම එම ශිෂ්‍යාවට කරාපිටිය
ශික්‍ෂණ හා කොළඹ ජාතික යන රෝහල්වලදී ලබාදුන් ප්‍රතිකාර
පිළිබඳව විමර්ශනය නොකිරීම බලවත් අඩුපාඩුවක් බව රජයේ
වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ දකුණු පළාත් ශාඛාව පවසයි.
නීති පීඨ ශිෂ්‍යාව කරාපිටිය ශික්‍ෂණ රෝහලට යෑවූ අවස්‌ථාවේදී ඇය භාර ගැනීම රෝහල විසින් ප්‍රතික්‍ෂේප කිරීම පිළිබඳව හෝ ඇයට කොළඹ ජාතික රෝහලේදී සිදු කළ ප්‍රතිකාර පිළිබඳව විමර්ශන කණ්‌ඩායම කිසිවක් සිය පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් නොකිරීම ගැටලුවක් බවද එම සංසදය පෙන්වා දෙයි.
මාතර මහ රෝහලේදී වෛද්‍ය කාර්ය මණ්‌ඩලය සම්බන්ධව විමර්ශනය කළ ආකාරයෙන් ඉහත කී කරුණු පිළිබඳවද සැලකිලිමත් වූයේ නම් පරීක්‍ෂණ වාර්තාව අපක්‍ෂපාතී වාර්තාවක් වීමට ඉඩ තිබූ බවද සංසදය වැඩිදුරටත් සඳහන් කරයි.

0 comments:
Post a Comment