Photobucket

Wednesday, February 27, 2013

එංගලන්තයේ අලෙවියට තබා ඇති සඳකඩ පහණ ලංකාවේ එකක්‌ නොවේ

එංගලන්තයේ වෙන්දේසියක අලෙවි කිරීමට තිබෙන සඳකඩ පහණ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය එකක්‌ නොවන බවත් එය සඳකඩ පහණේ අනුරුවක්‌ පමණක්‌ බවත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා  (26 වැනිදා) පැවසීය.

මේ සඳකඩ පහණ පිළිබඳව එංගලන්තයේ ඔක්‌ස්‌µර්ඩ් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයරත්න බෝයින්ගමුව මහතා විසින් විමර්ශනය කර මෙරටට එවනු ලැබූ වාර්තාව මගින් මේ බව තහවුරු වී ඇතැයි ද දිසානායක මහතා කීය.

අලෙවි කිරීමට තිබෙන සඳකඩ පහණ පොළොවෙන් යට කොටස ඉතා මෘදු ලෙස ඔපමට්‌ටම් කර ඇති බවත්, එය කිසිදු ස්‌ථානයක ක්‌ෂය වීමක්‌ නොමැතිව තිබෙන බවත් වාර්තාව මගින් තහවුරු වී ඇති නිසා මෙය සඳකඩ පහණක අනුරුවක්‌ ලෙස සැලකිය හැකි බවත් හෙතෙම කීය.

වෙන්දේසියට තබා ඇති සඳකඩ පහණ අනුරාධපුර යුගයට අයත් නම් එය අට වැනි හෝ නව වැනි සියවස්‌වලට අයත් විය යුතු බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි. අනුරාධපුර රාජධානිය දහවැනි සියවසේදී බිඳවැටීමෙන් පසු මෙරටින් රැගෙන ගිය සඳකඩ පහණ නම් මෙතරම් අලුත් ලෙස එය පැවතිය නොහැකි බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all