Photobucket

Wednesday, January 2, 2013

ඉතාලි ජාතික නොබෙල් සම්මානලාභී ස්නායු විද්‍යාඥවරිය මිය යයි

1986 දී ජීව රසායන විද්‍යාඥ ස්ටැන්ලි නොහෙන් සමග වෛද්‍ය විද්‍යාව උදෙසා වූ නොබෙල් සම්මානයෙන් පිදුම් ලද ඉතාලි ජාතික ස්නායු  විද්‍යාඥවරියක වන ‘රීටා’ ලෙවී මොන්ටාල්සිනි’ පසුගියදා අභාවප්‍රාප්ත වූවාය. 

මිය යන විට වසර එකසිය තුනක් ආයු වළඳා තිබූ ඇය උග්‍ර පැසිස්ට්වාදි සමයේදී එල්ල වූ අභියෝග මධ්‍යයේද ජීවත් වී ඉතාලියේ ප්‍රකටම විද්‍යාඥවරියක වීමේ භාග්‍යය හිමිකර ගත්තාය. මිය යන මොහොත දක්වා සිය පර්යේෂණවල නිරත වූ ඈ 1909 දී උපත ලබා ඇත්තේ යුදෙව් පවුලකට දාව බව කියැවේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all