Photobucket

Wednesday, January 2, 2013

දියණිය අඹුකමට ඉල්ලා පහර දෙන සැමියා මරා දැම්මා

අනිසි ලිංගික පීඩනය සහ දොළොස් වියැති සිය දියණිය අඹු කමට ඉල්ලා හිරිහැර කරන සැමියා කැත්තෙන් කපා කොටා (02) අළුයම 3 ට පමණ මරා දමන ලදැයි කාන්තාවක් පොලිසියට පැමිණ පැමිණිලි කර තිබේ. මෙම ඝාතනය සිදු වී තිබෙන්නේ තණමල්විල, ඌව කුඩා ඔය ප්‍රදේශයේ දීය. සමගිපුර, ඌව කුඩා ඔය පදිංචි සිරිවර්ධන ගේ විජිත රවීන්ද්‍ර නැමැති එක් දරු පියෙක් බිරිඳගේ කැති පහරට ලක්වී මරුමුවට පත් වී ඇත. මියගිය තැනැත්තා හරක් පට්ටි බලා ගන්නා අයෙකි. 

 දිනපතා රාත්‍රීයේ අධික බීමතින් පැමිණෙන මොහු අනිසි ලිංගික ක්‍රියාකාරකම් වලට බල කරමින් තමන්ට පහර දෙන බවත්, තමන්ගේ 12 වියැති දියණිය අඹු කමට ඉල්ලමින් පහර දීම් නොකඩවා සිදු කරන බවත් මෙම කාන්තාව පොලිසියට පාපොච්චාරණය කර තිබේ. ඉවසා බැරිම තැන මොහුගෙන් ගැලවීම සඳහා මෙම ඝාතනය සිදු කළ බවත්, අධික බීමතින් නිදා සිටි සැමියාව (02) පාන්දර 3 ට පමණ කැත්තෙන් කොටා ඝාතනය කළ බවත් මෙම කාන්තාව පවසා ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all