ශිෂ්‍යත්ව විභාගයේ අවම කඩඉම් ලකුණු අනුව සිසුන්ට හිමි වන
පාසල් පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ
www.moe.gov.lk යන වෙබ් අඩවියට (09 වැනිදා) ඇතුළත් කරන
බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්
(08 වැනිදා) පැවැසීය.
එම තොරතුරු ඇතුළත් නාමලේඛන මේ වන විට අදාළ පාසල්වලට තැපැල් කර තිබේ.
මෙම මස අවසානය වන විට පාසල්වලට මෙම සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු අවසන් කරන ලෙස අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත. පාසලක් නොලැබීම හෝ ලැබී ඇති පාසල සම්බන්ධයෙන් ගැටලුවක් පවතී නම් පෙබරවාරි මස පළමුවැනිදා සිට 15 වැනිදා දක්වා කාලය ඇතුළත අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද එම නිලධාරියා සඳහන් කළේය.
0 comments:
Post a Comment