Photobucket

Thursday, January 10, 2013

දකුණේ දාගැබ් 800 ක්‌ ඉදිකිරීමට සැලසුම්

බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා දකුණු පළාතේ විහාරස්‌ථානවල දාගැබ් නොමැති ස්‌ථාන තෝරා ගෙන එම විහාරස්‌ථාන 500 ක පමණ දාගැබ් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි දකුණු පළාත් සංස්‌කෘතික අමාත්‍ය ඩී. වී. උපුල් මහතා පැවසීය.

වසර තුනක කාලයක්‌ තුළදී මෙම දාගැබ් ඉදිකිරීමට නියමිතව ඇත. පළමු අදියර යටතේ දාගැබ් 100 ක්‌ද දෙවැනි තෙවැනි අදියර යටතේ දාගැබ් 200 ක්‌ බැගින් ද ඉදිකිරීමට බලාපොරොත්තු වේ.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ දාගැබ් 200 ක්‌ද, ගාල්ල හා මාතර දිස්‌ත්‍රික්‌කවල දාගැබ් 150 ක්‌ද ඉදිකරයි. එක්‌ දාගැබක්‌ සඳහා සංස්‌කෘතික අමාත්‍යාංශය රුපියල් ලක්‍ෂ 10 ක්‌ ලබා දෙන අතර ඉතිරි මුදල් දායක සභාව විසින් එක්‌රැස්‌ කරගත යුතුව ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all