Photobucket

Monday, January 7, 2013

නංගමුව ගඟෙන් මතු වූ මැණික්‌ ඉල්ලම ගන්න පොරයක්‌

රත්නපුර කොටාමුල්ල හන්දිය අසලින් ගලායන නංගමවුව ගඟ බැකෝ යන්ත්‍ර යොදා පළල් කිරීමේ කටයුතු (6 වැනිදා) ඇරඹීමත් සමඟ හදිසියේම මතු වූ මැණික්‌ ඉල්ලමක්‌ නිසා කනාදොල ප්‍රදේශයේ ජනතාව දහස්‌ ගණනින් පාලම අසල රැස්‌ව මැණික්‌ ඉල්ලම කඩා ගැනීමේ අරමුණින් බැකෝ යන්ත්‍රවල කටයුතු අවසන් වන තුරු පාලම මතට වී ගඟ දෙසට නෙත් හෙළාගෙන සිටියහ.

හංගමුව ගඟ පළල් කිරීමේ කටයුතු භාර දී ඇත්තේ කොන්ත්‍රාත්කරුවන් පිරිසකටය. ගඟ පළල් කිරීම සඳහා ගඟ මැද ඇති පස්‌ කන්දක්‌ ඉවත් කිරීමට සිදු වී ඇත. පස්‌ කන්ද අඩි 6 ක්‌ පමණ ගැඹුරට ඉවත් කිරීමේදී මැණික්‌ ඉල්ලම මතු වී ඇත.

මැණික්‌ ඉල්ලම මතු වූ පසු කොන්ත්‍රාත්කරුවන් ගඟ ගැඹුරු කිරීමේ කටයුතු ඉතා උදාසීන මට්‌ටමින් සිදුකරගෙන යන බවත් කෙසේ හෝ මැණික්‌ ඉල්ලම රාත්‍රි කාලයේදී දේශපාලන හිතවතුන්ට ලබාදීම කොන්ත්‍රාත්කරුවන්ගේ අරමුණු වී තිබුණු බවත් පැවසේ. කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පවසා සිටියේ රාත්‍රිය එළඹුණු පසු තමන් ජීවිත පරිත්‍යාග කර හෝ හංගමුව ගඟේ මැණික්‌ ඉල්ලම ගරා ගන්නා බවයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all