දරුවන් යොදගෙන වැඩිහිටි තේමාවල් සහිත චිත්‍රපට බිහිවූ යුගයක ‘මවුස්’ චිත්‍රපටය ඔබ දකින්නේ කොහොමද?
මම හිතන විදියට නම් ළමයි දාගත්ත පමණින් ළමා චිත්‍රපට බිහිකරන්න බෑ. දරුවන්ගේ මනෝභාවය තේරුම් අරගෙන ඔවුන්ගේ මනස වටහාගෙනයි
නිර්මාණ කළ යුත්තේ. මගේ චිත්‍රපටය කරද්දී මම ඒ පිළිබඳව සැලකිලිමත් වුණා.
මගේ අත්දැකීම් එක්ක මා දරුවන් සමග ජීවත් වුණා. මගේ චිත්‍රපටය පිළිබඳ මට
ලොකුවට කතා කරන්න බෑ. තව දුරටත් වසන්ත මොරගොඩ කියන පුද්ගලයා චිත්‍රපට කරනවද
කියන කාරණාව ප්‍රේක්ෂකයා ‘මවුස්’ බලලා තීරණය කරාවි.
මෙවැනි චිත්‍රපට සඳහා තේමා කරගන්නේ දරුවන් උදෙසා සිනමාව යනුවෙනුයි. මේවා ළමා චිත්‍රපට ලෙස නම් කිරීම කොතෙක් දුරට සාධාරණද?
චිත්‍රපටය
කියන්නේ නිර්මාණාත්මක කාරණයක්. මේ අතරේ මා(ර්)කටින් වැඩකුත් තියෙනවා.
පසුගිය කාලයේ බොහෝ නිර්මාණකරුවන් දරුවා ඉස්සරහට දාගෙන කරපු නිර්මාණ
ළමා චිත්‍රපට නමෛයි. ඕනෑම දෙයක ප්‍රමිතියක් තිබිය යුතුයි. මොකද යම් යම්
වෙනස්කම් තිබුණට ලෝකේ කොහේ හිටියත් දරුවා දරුවාමයි. ඔවුන්ගේ මනෝ භාවයට ගෝචර
පරිදි නිර්මාණ කාර්ය කළ යුතුයි. ඒ පිළිබඳව නිර්මාණ- කරුවාට විශාල වගකීමක්
තියෙනවා.
අපි
අද දකින්නේ විවිධ රැළි පසුකර ආ සිනමාවක්. මෙවැනි රැළි ඔබේ නිර්මාණයට
අභියෝගයක් වුණාද? එවන් නිර්මාණ සිනමා කර්මාන්තයේ උන්නතියට හේතු වුණද?
බොහෝ අය
නිර්මාණ කරන්නේ සිනමාවේ හර පද්ධතියවත් අඳුනගෙන නමෛයිනේ. ඔය මොනම රැල්ලකටවත්
මම අයිති නැති වුණාට රැළි මට අභියෝගයක් වුණා. එදා ඉඳලම රැළි එනවා. යනවා.
තව ටික දවසකින් ටෙලි නාට්‍යයට සිද්ධ වුණ දේම තමයි සිනමාවටත් වෙන්නෙ. මොකද
ඇතැම් බහුබූත නිර්මාණ නිසා ප්‍රේක්ෂකයා සිනමාව කියා වැළඳ ගන්නේ වෙන දෙයක්.
මාධ්‍යය හරහා ඔබ නිරන්තරයෙන් කතා කරන සිනමාවේ මාෆියාව කවරේද?
අපිට
නිර්මාණකරුවකු විදියට නිදහස තිබිය යුතුයි. අපේ නිර්මාණ ප්‍රේක්ෂකයා අතරට
දෙන්න පසුගිය කාලයේ ඉඩ කඩක් තිබුණේ නෑ. දැන් බලන්න අද වන විට රූපවාහිනියේ
ලයිසන් එක අරගත්ත ලොකුම මුදලාලිලා ටික මාධ්‍යවේදීන් ටික හයර් කරනවා.
එහෙත් වෙන්න ඕනෑ මාධ්‍යවේදියා ලයිසන් අරන් ඔය මුදලාලිලා ටික හයර් කරන එක නේ. ඕක තමයි සිනමාවටත් වෙලා තියෙන්නේ. මේකෙ පසුබිම හොයලා බැලුවම තියෙන්නෙ පෞද්ගලික අරමුණු. ඉතිං සිනමාවේ මාෆියාවක් නැද්ද?
වර්තමාන සිනමාව තුළ බිහිවන නිර්මාණ තුළින් කර්මාන්තයේ ඇති ගැටලුකාරී තැන් මගහරවා ගැනීමට පුළුවන්ද?
නිර්මාණ
කෙසේ වෙතත් බොහෝ අය කියන්නෙ ප්‍රේක්ෂකයා නෑ කියලනෙ එහෙත් මා ලොකු
ප්‍රචාරයක් නොදී ‘මවුස්’ ප්‍රේක්ෂකයා අතරට ගෙන ගියා. ඒත් ඒක බලන අය වුණත්
කියන්නේ ශාලාවල තියෙන ප්‍රශ්න ඇහුනෙ නෑ කියයි. එහෙම නැත්නම් විදුලි පංකා නෑ
කියයි. අද පවුලකට ගිහිං නියම විදියට රසවිඳීමට ගැටලුවක්, බාධාවක් නැති
සිනමා ශාලා තියෙන්නෙ කීයද? ඉන්දියාවේ සිනමාව එක්ක ප්‍රේක්ෂකයා බැඳී
සිටින්නේ මේ පහසුකම් එක්කයි.බිහිවන නිර්මාණ ටික හොඳට පෙන්න ගන්න නම් මේ
ශාලා ටික නඩත්තු කළ යුතුයි. ඇතැම් චිත්‍රපට ශාලාවල වවුලෝ පවා පියාඹනවා.
ඉතිං නිර්මාණය කොච්චර හොඳ වුණත් මේවගේ තැනක ඉඳගෙන චිත්‍රපටයක් බලන්නේ කවුද?
අඩුම තරමේ ශාලා හිමියන් සමග කතාබහ කරලා මේ ගැටලුවලට මුලින් විසඳුම් සෙවිය
යුතුයි. එතකොට ඔය බිහිවෙන නිර්මාණ ටිකවත් ප්‍රේක්ෂකයා නරඹාවි.
සිංහල සිනමාවට වසර 60ක් ගෙවී ගියත් අපේ සිනමාව ජාත්‍යන්තරය ජය ගැනීමට මන්දගාමී වුණේ ඇයි?
ජාත්‍යන්තරයට
නොගියා කියන්න බෑ. කොයි දේට වගෙත් සිනමාවටත් බලපාන්නේ ආර්ථිකය.
ජාත්‍යන්තරයට යන්න පුළුවන් නිර්මාණකරුවන් වගේම අංකුර ශිල්පීන්ද රැසක් අප
සතුයි.එහෙත් නිෂ්පාදකයා බලන්නේ ආර්ථිකය පැත්තෙන් විතරයි.
මෙවැනි අර්බුද තියාගෙන ජාත්‍යන්තරයට ළඟවීම අපහසුයි. එහෙත් ඔය කුල කණ්ඩායම්, කල්ලි අත ඇරලා දානවා නම් ඒක ඒ තරම් අපහසු දෙයකුත් නමෛයි. මොකද තරුණ පරපුර අතර දක්ෂතා තියෙන නිර්මාණකරුවන් රැසක් ඉන්නවා.
අද වන විට නිර්මාණකරුවන් දිරිගන්වන සම්මාන උළෙලවල් රැසක් සිනමාවෙන් ගිලිහි ගිහිං. අපේ සිනමාවට එසේ වූයේ ඇයි?
මගේ
පෞද්ගලික අදහස නම් කලාව වෙනුවෙන් මෙහෙවරක් කළ හැකි, පෞද්ගලික ලාභය නොතකන
පිරිසක් පරිපාලනයේ සිටිය යුතුයි. අද රාජ්‍ය මට්ටමෙන් ශක්තිමත් වුණු කෙතරම්
පිරිසක් කලාවේ හිටියත් එයාලා සිනමාවේ යථාර්ථය හෙළි කරන්නේ නෑ. ඔන්න ඔය
කාරණා නිසා සිනමාවට අහිමිවීම් වැඩියි. සිනමාවට කැපවුණ පිරිසක් නැතිවා
නමෛයි. මොකද ම ා ‘මවුස්’ තිරගත කරන්නේ චිත්‍රපට සංස්ථා සභාපතිවරයාගේ ශක්තිය
මතයි.
ඔබ සම්මානිත නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක් ලෙස සිනමාවේ ඉදිරිගමන දකින්නේ කොහොමද?
ඇත්තටම
ලොකු බේදවාචකයක අපි ඉන්නෙ. ඇයි මම චිත්‍රපටයක් කළේ කියලාත් දැන් හිතෙනවා.
ආයෙත් නිර්මාණයක් නොකරන තරමට ඇතැම් අය කතා කරනවා. අපි සිනමාවට ඉක්මනින් ආවා
තමයි. හොඳ නිර්මාණයක් කරන්නයි උත්සාහ කළේ. ‘මවුස්’ සාර්ථක වුණානම් ඒ
පිටුපසත් බොහෝ අය සිටියා. සිනමාවේ ඉදිරි ගමනට හොඳ දායකත්වයක් දෙන්න, එය
රැකගන්න නම් මා කැපවීමෙන් නිර්මාණකරණයේ යෙදෙනවා.
0 comments:
Post a Comment