නදීෂා නිශාදි පානබොක්ක
කලා ලොවේ දිගු ගමනකට මුල පුරන ඇය නමින් නදීෂා නිශාදි පානබොක්කයි. රංගනයෙන්, නර්තනයෙන් මෙන්ම ගැයුමෙන් ද පොහොසත් නදීෂා වෘත්තියෙන් භෞත චිකිත්සකවරියක ලෙස කටයුතු කරන්නීය. තම පියාගේ ගුණානුස්මරණය නිමිත්තෙන් “වීර සෙබළිය” නමින් සිනමා සිත්තමක් ගොතන්නට නදීෂා නිශාදි නම් මේ දිරිය දියණිය මේ වන විට ගන්නා වෙහෙස අපමණය. මේ ඒ පිළිබඳව ඇය සමඟ කෙරුණු කතාබහයි.
“1984 කියන්නේ ලංකාවේ උතුරු නැඟෙනහිර පැවැති ත්‍රස්තවාදය ආරම්භ වූ වකවානුව. මේ
වකවානුවේ දී ඒ කියන්නේ 1984 දී මගේ පියා එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන්ගේ බෝම්බ
ප්‍රහාරයකට අසුවුණා. ඔහුගේ නම ජෙනරාල් පානබොක්ක. ජෙනරාල් පානබොක්කගේ එකම දුව මම.
තාත්තා නැතිවෙනකොට මට අවුරුදු දෙකහමාරක් විතර ඇති. තාත්තා ගැන මගේ පුංචි කාලයේ මතකය
ඒ තරම් නැතත් තාත්තත් එක්ක ගතකරපු හැටි යම් යම් සිදුවීම් ඔස්සේ තවමත් මගේ හිතේ
මතකයේ තියෙනවා.
මගේ අම්මා මැලේසියානු ජාතික කාන්තාවක්. ඇයත් සමඟ සිදුවූ මගේ පියාගේ විවාහයට ඔහුගේ
දෙමාපියන් වූ මගේ ආච්චි සීයා විරුද්ධ වී තිබෙනවා.
ඒ නිසා නුවර පානබොක්ක වලව්වේ තමයි
මම හැදී වැඩුණේ. ඒ මගේ ආච්චි සීයා සමඟ. තාත්තා මියගිය පසු අම්මාට වලව්වට එන්නට
ආච්චි සීයා ඉඩ දුන්නේ නැහැ. අඩුම වශයෙන් මාව මගේ මවට හදාවඩාගන්නට දීලාත් නැහැ.
තාත්තා වියෝ වී වසර කිහිපයකින්ම මගේ මවත් නැතිවෙලා.
මට අවුරුදු 6 වන විට අම්මයි
තාත්තයි දෙන්නම මට අහිමි වුණා. කොහොමින් හෝ අද මම ඒ දෙදෙනා වෙනුවෙන් පින් දහම්
කරනවා.
දැන් මම තනියම ජීවත්වෙන්නෙ. මම භෞත චිකිත්සකවරියක් ලෙස කටයුතු කරන නිසා මා
අවට වැඩි වශයෙන් ඉන්නේ රෝගීන්. ඔවුන්ට උවටැන් කරමින්, ප්‍රතිකාර කරමින් මම නිරාමිස
පී‍්‍රතියක් අත්විඳිනවා.
විශේෂයෙන්ම මම සුවපත් කරන සෑම රෝගියකු ගාණෙම මම හිතන්නේ ඒ
පින් මගේ පියාට මවට ලැබෙන්න ඕන කියලයි. කොහොමත් මම මේ සැම දෙයක් අතරේ කලා නිර්මාණ
කටයුතුවලත් නියැළෙනවා. ඒ ඔස්සේ මම යම් වින්දනයක් විනෝදයක් සතුටක් ලබනවා.
මම කලා ක්ෂේත්‍රයට පිවිසුණේ අහම්බයෙන්. මම අමාත්‍යාංශයක සේවය කළා. එහිදී යම්
රාජකාරී කටයුත්තකට බැහැර ගිය අවස්ථාවක මට ජයතිලක හේරත් කලාකරුවා මුණගැසුණා. ඔහුගේ
මඟපෙන්වීම මත කලා ලොවට පිවිසෙන්නට මට හැකිවුණා. ඒ අනුව මේ වන විට ටෙලිනාට්‍ය 51 ක
පමණත් වේදිකා නාට්‍ය 19 ක පමණත් රඟපාලා තිබෙනවා. ඒ අත්දැකීම් උපයෝගී කොටගෙන මගේම
තිර රචනා ඇසුරින් මේ වන විට චිත්‍රපට තුනක් මම නිර්මාණය කර තිබෙනවා.
මගේම සටන් ක්‍රම, මගේම රඟපෑම් ඒ තුළ ඇතුළත්. ඉදිරියේ දී නිර්මාණය කිරීමට
බලාපොරොත්තු වෙන ‘වීර සෙබළිය’ චිත්‍රපටයේ සියලුම නිර්මාණ කටයුතු, අධ්‍යක්ෂණය,
රඟපෑම, නිෂ්පාදනය සියල්ලම මා විසින්ම සිදු කරන්නට මේ වන විට සැලැසුම් කොට තිබෙනවා.
මෙය යුද්ධය පසුබිම් කර ගනිමින් නිර්මාණය වන්නක්. සිංහල විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්
යුද සාත්තු සේවිකාවක ලෙස සේවයට ගොස් ඇයට මුහුණපෑමට සිදුවන විවිධ දුක්ගැහැට,
අත්දැකීම් ඇසුරින් නිර්මාණය වන්නක්.
ඉතාම සිත්ගන්නාසුලු කතා පුවතකින් මෙහි වස්තු
බීජය නිර්මාණය වී තිබෙනවා. මෙය ඉක්මනින්ම නිර්මාණය කිරීම මගේ බලාපොරොත්තුව. ඒ වගේම
භෞත චිකිත්සකවරියක ලෙස මා සිදුකරන මෙහෙවර ඉදිරියටත් රෝගීන් වෙනුවෙන් ඉටු කරන්නට මම
වෙහෙසෙනවා.
මේ හැමදේටම මට දිරියක් වෙමින් ඉදිරියට යාමට උදව් කරන මගේ පියාගේ
මිතුරෙකු වන පොලිස් අධිකාරී පි‍්‍රයංක පෙරේරා මහතාට මගේ විශේෂ ස්තුතිය පිරිනමනවා.
කලාව ඔස්සේත් වෛද්‍ය විද්‍යාව ඔස්සේත් ජනතාවට සේවය කිරීම මගේ බලාපොරොත්තුවයි.
0 comments:
Post a Comment