අගවිනිසුරු
ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලියත්
සමඟ වඩා බලවත් අධිකරණයද පාර්ලිමේන්තුව ද යන්න කතා බහට ලක්
වන්නට වූ අයුරු පසුගිය සති කීපය තුළදී දැක ගත හැකි විය.
දෝෂාභියෝග යෝජනාව විමර්ශනයට පත් කළ තේරීම් කාරක සභාවේ කටයුතු
අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වන්නට වූ පෙත්සම් පිළිබඳව
සැලකිලිමත් වූ අධිකරණය එහිදී භාවිත කළ පාර්ලිමේන්තු ස්‌ථාවර
නියෝග නීත්‍යනුකූල ද යන්න විමසීමට භාජනය කරන්නට වූයේය.
දෝෂාභියෝග යෝජනා විමර්ශනය වළක්‌වාලමින් තහනම් නියෝග නිකුත්
කරන්නැයි අභියාචනාධිකරණය වෙත ඉදිරිපත්ව තිබූ පෙත්සම්වලට අදාළව
ව්‍යවස්‌ථාමය අර්ථ නිරූපන ලබාදී ඇති ශේ්‍රෂ්ඨාධිකරණය
දෝෂාභියෝගය විභාගයට යොදාගත් ස්‌ථාවර නියෝග නීතියක් නොවන බවත්
අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් තීරණ ගැනීමට තේරීම් කාරක සභාවට
බලයක් නොමැති බවත් සඳහන් කර ඇත්තේය.
ඉහළ අධිකරණයන්හි විනිසුරුවරුන්ට එරෙහි චෝදනා එල්ල වූ විටකදී තනතුරින් පහ කිරීමට පාර්ලිමේන්තුවට හැකි නමුත් එය සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුව සම්මත කර ගනු ලබන පනතක් අනුව පිහිටුවනු ලබන බලතල සහිත අධිකරණයකින් හෝ විනිශ්චය සභාවකින් බවද සඳහන් කරන ශේ්‍රෂ්ඨාධිකරණය සම්මත ව්‍යවස්‌ථාවක් යටතේ පාලනය වන රටක අධිකරණයකට හෝ විනිශ්චය සභාවකට නියමිත බලතල පැවරීමක් සිදු කර නොමැති නම් කිසිදු පුද්ගලයකුට එරෙහිව විභාගයක් කර තීන්දු තීරණ ගැනීමට කිසිදු ආයතනයකට නොහැකි බවද පවසයි.
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව එම චෝදනාවන්ගේ සත්‍ය අසත්‍ය භාවය සෙවීමේ කොමිෂන් සභාවක් නොවන බවද තේරීම් කාරක සභාව පැවැති විභාගයෙන් පසු චෝදනා එල්ල වූ අය වැරැදිකරු කරමින් වාර්තා නිකුත් කර ඇති තත්ත්වයකදී ඒ සඳහා පාර්ලිමේන්තු යෝජනා සම්මතයක් තුළින් ජනාධිපතිවරයා එම පුද්ගලයාව තනතුරෙන් ඉවත් කරන බවද සඳහන් කරන ශේ්‍රෂ්ඨාධිකරණය ඉහළ අධිකරණ විනිසුරුවරයකුට එරෙහිව ස්‌ථාවර නියෝග යටතේ ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය නම් එමගින් පිහිටුවන ආයතනයකට හෝ විශේෂ කාරක සභාවකට නියමිත අධිකරණ බලතල පවරා දෙමින් කාර්යභාරය ද හඳුන්වා දිය යුතු බවත් එසේ නොමැතිව විනිසුරුවරයකුගේ අයිතිවාසිකම්වලට හානි වන අයුරින් ක්‍රියා කිරීම සඳහා යම් ආයතනයකට පැවරීම ව්‍යවස්‌ථාවට පටහැනි බව ද ශේ්‍රෂ්ඨාධිකරණය සඳහන් කර ඇත්තේය.
විනිසුරුවරයකුට එරෙහි පවත්වන විභාගයක් සාධාරණ යුක්‌තිය ඉටු වන ආකාරයට සිදුවිය යුතු බව ද අවධාරණය කරන ශේ්‍රෂ්ඨාධිකරණය එහිදී එම විනිසුරුවරයාට ද සාක්‌කිකරුවන් කැඳවීමට, හරස් ප්‍රශ්න ඇසීමට අවස්‌ථාව හිමිවන ලෙසින් නීතියේ සමාන රැකවරණය ලැබිය යුතු බවත් ඉහළ විනිසුරුවරුන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට බලය ඇතැයි නගන තර්කය පිළිගැනීමට සූදානම් නැති බවත් ප්‍රකාශ කරයි.
චෝදනා එල්ල වන ඉහළ විනිසුරුවරුන් ඉවත් කිරීමට යොදා ගන්නා පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග ක්‍රියාවලි නොගැලපෙන බවත් එහි සංශෝධනයකට ඉක්‌මනින් අවධානය යොමු කළ යුතු බවත් හිටපු කථානායක අනුර බණ්‌ඩාරනායක මහතා ද මෙයට සමගාමී අවස්‌ථාවකදී පෙන්වා දී තිබූ බවත් විනිසුරුවරයකුට එරෙහි දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ව්‍යවස්‌ථාව මගින් අයිතියක් ලැබී ඇති නමුත් අවසානයේදී විනිසුරුවරයා ඉවත් කිරීම තීරණය ගන්නේ ජනාධිපතිවරයා බවත් සඳහන් කරන ශේ්‍රෂ්ඨාධිකරණය විධායක බලය ජනාධිපතිවරයා සතු බලයක් නොව ජනතාව සතු බලයක් ලෙස සිතිය යුතු බව අවධාරණය කර සිටී.
ශේ්‍රෂ්ඨාධිකරණය ලබා දෙනු ලැබූ නියෝගයත් සමඟ මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබූ අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය වෙනත් මාවතකට එළැඹෙන බවක් පෙන්නුම් කරන්නේය. දේශපාලනමය අරමුණු මුදුන්පමුණුවා ගැනීමට අවස්‌ථාව උපයෝගී කර ගැනීමට උත්සාහ කළ ආණ්‌ඩුවට දෝෂාභියෝගයේ පශ්චිම අවස්‌ථාවන්aa පාරාවළල්ලක් බවට පත්ව ඇති බවක් පෙන්නුම් කරන්නේය. රට තුළදී මෙන්ම ජාත්‍යන්තරවද මෙහිදී ආණ්‌ඩුව වෙත එල්ල වන බලපෑම් යහපත් නොවන බව දක්‌නට ලැබේ. කළ හැම දේම "එදා හොඳ නම් අද මොකද බැරි" සිතුවිල්ල මහා පොදු සාධකය කර ගනිමින් අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ගෙන එනු ලැබූ ආණ්‌ඩුව" ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී" තත්ත්වයට පත්ව ඇති බවක් පෙන්නුම් කරයි.
දෝෂාභියෝගය සම්බන්ධයෙන් විමර්ශනය කළ තේරීම් කාරක සභාවේ වාර්තාව නිකුත්වීමෙන් පසු ඒ සඳහා ඇති වූ කතිකාවන්ද බොහෝය. නොයෙක් චින්තන දරන්නන්ගේ, විවිධ හිතෛෂීන්ගේ හා උදෙසා පෙනී සිටින්නන්ගේ මතවාද, සම්මන්ත්‍රණ හා නිවේදන ඉමක් කොනක් නොවේ. දෝෂාභියෝග ක්‍රියාවලියට පක්‍ෂව ක්‍රියා කරන මත දරණ ඕනෑම අයෙක් ඔවුන්ගේ පැසසුමට ලක් වෙද්දී ඊට එරෙහි වන්නන්ගේ ක්‍රියාත්මක වීම ඇතැමෙකුට තවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වන අතර තවෙකු බමුණු කුලය හා පොදු ජනයා අතර ගැටුමක් ලෙස අර්ථ ගන්වති. දෝෂාභියෝගය පිළිබඳ ඔවුන්ගේ කතා බහ අසන දකින විට ඔවුන්ට වඩා ව්‍යවස්‌ථා විශාරදයන් තවත් සිටීදැයි සිතෙන තරම් ය. දෝෂාභියෝගයේ නීතිමය තත්ත්වය ව්‍යවස්‌ථාවේ ඊට ඇති ඉඩකඩ පිළිබඳව ආණ්‌ඩු පක්‍ෂයෙන් කතා කළහැකි, කළ යුතු මැතිs ඇමැතිවරුන් කීප පොළක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරද්දී දේශපාලන වේදිකාවේ මුඛරි බව තුළින් ආණ්‌ඩුවේ ඉදිරිපෙළට පැමිණ ඇති හා තවත් එසේ ඒමට සිතා සිටින පිරිස් මෙහිදී අදහස් දක්‌වනුයේ අගවිනිසුරුවරිය සිය දේශපාලන පරම හතුරෙකු කර ගනිමිනි. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විමර්ශනය කළ තේරීම් කාරක සභාවේ "මංත්‍රී විනිසුරුවරුන්" ලෙස ක්‍රියා කළ ඇමැතිවරුන්ද විවිධාකාර ලෙස ප්‍රකාශ නිකුත් කරන්නට වීම ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය පිළිබඳ ප්‍රශ්නයක් මිස අනෙකක් නොවන බව පැහැදිලිය.
මේ අතර තමන්ට එරෙහි දෝෂාභියෝග යෝජනා විභාග කළ තේරීම් කාරක සභාවේ තීරණ බල රහිත කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ගොනු කර ඇති පෙත්සම ලබන 07 දා විභාගයට ගැනීමට තීරණය කර ඇති අභියාචනාධිකරණය ඊට සහාය දක්‌වන ලෙසට නීතිපතිවරයා වෙත නොතීසියක් නිකුත් කරමින් තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ශ්‍රෝෂ්ඨාධිකරණයේ තීන්දු ප්‍රකාශයේ පිටපතක්‌ද ඔහු වෙත යොමු කර ඇත්තේය.
පෙත්සමට අදාළව වගඋත්තරකරුවන් ලෙස නම් කර නොතීසි නිකුත් කර තිබූ කථානායකවරයා තේරීම් කාරක සභාවේ ආණ්‌ඩු පක්‌ෂයේ හා එක්‌සත් ජාතික පක්‌ෂයේ සාමාජිකයන් 09 දෙනා හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පෙත්සම් විභාගයට පැමිණි නොසිටි අතර ඔවුන් වෙනුවෙන් නීතිඥ නියෝජනයක්‌ද නොවීය.
අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥවරයා අධිකරණයට කරුණු දක්‌වමින් හැකි ඉක්‌මනින් පෙත්සම සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට දින නියම කරන ලෙසත් ශ්‍රෝෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් ලබාදී ඇති අර්ථ නිරූපණය පිළිබඳව තැකීමක් නොකර පාර්ලිමේන්තුව අගවිනිසුරුවරිය ඉවත් කිරීමට තීරණය කරණු ඇති බවද පෙන්වා දුන්නේය.
ශ්‍රෝෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර ඇති අර්ථ නිරූපණය තුළින් දක්‌වා ඇත්තේ තේරීම් කාරක සභාවට අගවිනිසුරුවරියට එරෙහිව තීන්දු ගැනීමට නීතිමය බලයක් නැති බව පමණක් වන හෙයින් කථානායකවරයාට හෝ තේරීම් කාරක සභාවට එතුළින්a නියෝගයක් නිකුත් කර නැති බවද පෙන්වා දෙන ජනාධිපති නීතිඥවරයා ඒ තුළ පිහිටා ඔවුන්ගේ ඉදිරි ක්‍රියා මාර්ග තුළින් ඇයට අගතියක් සිදුවීම වැළැක්‌වීමට අධිකරණය ඉක්‌මනින් පියවරක් ගත යුතු බව කියා සිටියේය.
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් වූ සැනින් ඒ පිළිබඳව ජනතාව වෙතින් විවිධාකරයේ ප්‍රශ්න කිරීම් ඇති වන්නට වූ අතර ඒ සියල්ලටම ඔවුහු තම නැණ පමණින් අනුමාන පිළිතුරු ද සපයා ගනු ලැබූහ. එමෙන්ම මෙම ක්‍රියාවලියට අදාළව ඉහළ අධිකරණ කුමන නියෝග, උපදේශ නිකුත් කරනු ලැබුවද රජය ඉදිරි සති කීපය තුළදී ඊට ගත යුතු, ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බවද ජනතාව දනිති. රජයේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ අනුව අභිනව අගවිනිසුරුවරයකු ද නම් කර ඇති අතර සිදු කළ යුතු එකම දෙය ලෙස ඔවුන් පෙන්වා සිටින්නේ ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඉවත් කළ පසු දිනට එම පත් කිරීම සිදු කිරීම පමණි.
දෝෂාභියෝගය සම්බන්ධයෙන් රජයේ ක්‍රියා පිළිවෙත පිළිබඳව ජනතාව එසේ අසාධාරණ යෑයි කිව නොහැකි අනුමානයන්ට එළැඹිය ද අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් ගනු ලබන නිගමනයන්ට අනුමාන පිළිතුරු සැපයීමට තරම් ජනතාව ඉක්‌මන් නොවනු ඇත. දෝෂාභියෝග තේරීම් කාරක සභාව අභියෝගයට ලක්‌කරමින් අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගත් පෙත්සම්වලට අදාළව ශේ්‍රෂ්ඨාධිකරණය ලබාදී ඇති අර්ථ නිරූපණය "හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්" ලෙසට මංත්‍රී විනිසුරුවරයකුගේ ප්‍රකාශය අධිකරණයට කළ අපහාසයක් දැයි ගරු අධිකරණය ම තීරණය කළ යුතුයි.

0 comments:
Post a Comment