ඊසි ඉන්ෆොටෙක් විසින් “ගිගා බයිට් අල්ට්‍රා ඩියුරබල් 4 ක්ලැසික්” මදර්බෝඩ් මෙරට
පාරිභෝගිකයින් වෙත බෙදා හැරීම අරඹන ලදි. ඒ අනුව ඊසි ඉන්ෆොටෙක් පූර්ණ මදර්බෝඩ් පෙළක්
මෙරට බෙදා හරී.
ඊසි ඉන්ෆොටෙක් ලෝකයේ ඉහළම පිළිගැනීම ලැබූ වෙළෙඳ නාමවල දේශීය හවුල්කරුවා වෙමින් මෙරට
තරගකාරී තොරතුරු තාක්ෂණයේ සහ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළෙඳපොළේ වඩාත්
ආකර්ෂණීය සැපයුම්කරුවා ලෙස වර්ධනය විය.
ඊසි ඉන්ෆොටෙක් සතු දීපව්‍යාප්ත දැවැන්ත බෙදා හැරීමේ ජාලය ප්‍රමුඛ වෙළෙඳ නාම
හිමිකරුවන්ට විශාල වාසි රැසක් සලසයි. එය ඔවුන්ගේ නිෂ්පාදන පැය 24 ක් තුළ දිවයින
පුරා රැගෙන යයි.
ගිගා බයිට් අල්ට්‍රා ඩියුරබල් 4 ක්ලැසික් ප්‍රධාන තාක්ෂණික කරුණු හතරක් පිළිබඳ
සැලකිල්ලට ගනිමින් නිර්මාණය කර ඇති අතර ඒවා පරිගණක මුහුණදිය හැකි අනතුරු වලින්
ආරක්ෂා කරයි.
ගිගා බයිට් සමාගමේ දකුණු ආසියානු ව්‍යාපාර කළමනාකරු ඇලන් සූ මහතා, බෙදා හැරීමේ
සහතිකපත් ඊසි හෝල්ඩිංග්ස් හි සාමාන්‍යාධිකාරී මූල්‍ය සහ මෙහෙයුම් යසිර් නිසාම්
මහතාට ලබා දෙමින්.
0 comments:
Post a Comment