වෙනිසුවෙලාවේ නව ජනපති ලෙස දිවුරුම් දීම
සඳහා අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ උත්සවය කල්දමන ලෙසට ජනපති ලෙස
තේරී පත්වූ ‘හියුගෝ චාවේස්’ විසින් කරන ලද ඉල්ලීමට වෙනිසුවෙලානු ජාතික
මන්ත්‍රණ සභාවේ අනුමැතිය ලබාදී තිබිණි.
පිළිකා රෝගය හේතුවෙන් කියුබාවේදී සැත්කමකට ලක්වූ ජනපතිවරයාට දිවුරුම් දීම සඳහා අවශ්‍ය තරම් කල් ලබාදීමට
පක්ෂව නීති සම්පාදකයන් විසින් සිය ඡන්දය භාවිත කර තිබුණහ. ඉකුත් දෙසැම්බර් මාසයේ 11දා සැත්කමට ලක්වූ දින සිට මතෛක් ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති අතර සැත්කමෙන් පසු හටගත් පෙණහලු ආසාදනයක් හේතුවෙන් ඔහුට ජනපති ලෙස දිවුරුම් දීම සඳහා නියමිත දිනයේදී සහභාගිවීමට නොහැකි වනු ඇති බවට උප ජනපති ‘නිකලස් මැඩුනේ’ විසින් පෙර සිටම ප්‍රකාශයක් සිදුකර තිබුණි.
0 comments:
Post a Comment