Photobucket

Saturday, January 12, 2013

බදුල්ලේ මරණ දෙකයි! පවුල් 150 ක්‌ අවතැන්

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ රැසකට 10 දා සිට ඇදහැලෙමින් පවතින මහා වර්ෂාව නිසා පුද්ගල මරණ දෙකක්‌ සිදුව ඇති අතර පවුල් 150 ක්‌ පමණ අවතැන්ව සිටිති.

පස්‌සර, වරාදොළ ගටේවෙල ප්‍රදේශයේදී ජල පහරකට පසුව එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ එස්‌. ඩබ්. ජී. පියරත්න නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස්‌ ඇති අතර, බදුල්ල හංවැල්ල ප්‍රදේශයේ සැඩපහරට හසුව හංවැල්ල කෝසුවෙන් වතුරට වැටී බදුලුපිටිය අන්දෙනිය ප්‍රදේශවාසීයෙකු වූ ඩබ්ලිව්. එම්. ඩිංගිරිබණ්‌ඩා නමැති 65 හැවිරිදි අයකු මියගොස්‌ ඇත. සුමනතිස්‌සගම, ජිනානන්දගම, බදුලුපිටිය, අන්දෙනිය, කණුපැලැල්ල ඇතුළු ප්‍රදේශවලට ගංවතුර ගැලීමෙන් පවුල් 150 ක්‌ පමණ අවතැන්වී ඇත.

එසේම බදුලුපිටිය ප්‍රදේශයේ පිහිටි බදුල්ල උසස්‌ තාක්‌ෂණ ආයතනය අඩි 4 1/2 ක්‌ පමණ ජලයෙන් යටවීම නිසා එහි බිම් මහලේ සියලු පන්ති කාමරවල ලීබඩු ඇතුළු උපකරණද ශ්‍රවණාගාරයේ පිහිටි වේදිකාව හා සියලු ලීබඩුද විනාශයට පත්ව ඇත. එක්‌ පන්ති කාමරයක වූ පරිගණක කට්‌ටලයක්‌ද විනාශ වී තිබේ.

පස්‌සර, වරාදොළ, ගබ්වෙල ප්‍රදේශයේදී ජල පහරකට හසුවී මියගිය පුද්ගලයකුගේ මළ සිරුර (11 දා) උදේ සොයාගෙන තිබේ.

ඒ පිළිබඳව පස්‌සර පොලිසියේ ස්‌ථානාධිපති ටී, ඇම්. රත්නායක මහතාගේ උපදෙස්‌ පරිදි පරීක්‍ෂණ අරඹා තිබේ. බදුල්ල, බණ්‌ඩාරවෙල, බදුල්ල, වැලිමඩ, බදුල්ල - මහියංගන, ඇල්ල - වැල්ලවාය, බෙරගල - වැල්ලවාය, බෙරගල - හපුතලේ ඇතුළු මාර්ගයන්හි පස්‌කඳු කඩා වැටීම් රාශියක්‌ ද සිදුව ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all