අනුරාධපුරයේ සිට කොළඹ බලා යුද හමුදා සෙබළුන් පිරිසක් ගමන්
ගත් වෑන් රථයක් දැදුරුඔය පාලම ආසන්නයේ 10 දා රාත්‍රි 9ට
පමණ මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් එම රථයේ ගමන් ගත්
එක් සෙබළෙකු මිය ගොස් තවත් 07 දෙනකු තුවාල ලබා ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කෝප්රල් ප්‍රේමරත්න යන අය බව හඳුනා ගෙන තිබේ. යුද හමුදා වෛද්‍ය බළකායට අයත් මෙම පිරිස අනුරාධපුරයේ පැවැති උත්සවයකට ගොස් නැවත කොළඹ බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. තුවාල ලබා ඇත්තේ සෙබළු 4 දෙනෙක් සහ සෙබළියෝ තිදෙනෙකි. රියෑදුරුට නින්ද යැම හේතුවෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසේ වැදී ඇති බවට දැනට කරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය පිළිබඳව හලාවත පොලිසිය පරීක්ෂණ මෙහෙයවති.
0 comments:
Post a Comment