අවිස්‌සාවේල්ල රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පලාගිය දරුණු ගණයේ
අපරාධකරුවන් දස දෙනාගෙන් තිදෙනකු (11 වැනිදා) සවස්
වනවිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
පලාගොස් සිටින ඉතිරි බන්ධනාගාර රැඳවියන් හත්දෙනා සෙවීම සඳහා අවිස්‌සාවේල්ල, කොස්‌ගම පොලිසියේ නිලධාරීන්ට අමතරව තවත් පොලිස් කණ්‌ඩායම් කිහිපයක් යොදවා ඇතැයි පොලිස් මූලස්‌ථානය සඳහන් කරයි.
මෙම අපරාධකරුවන් පලායැම පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවද වෙනම පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
අපරාධකරුවන් රඳවා සිටි සිරමැදිරිය 09 වැනිදා සිට සිදුරු කර මෙම පිරිස (10 වැනිදා) අලුයම වනවිට පලාගොස් තිබිණි. පලාගිය පිරිස බන්ධනාගාර නිලධාරීන්ට පහර දී නිලධාරීන් ලණුවලින් ගැටගසා ගොස් තිබිණි.
සැකකරුවන් පිළිබඳ ලැබෙන තොරතුරු ඔස්‌සේ විශේෂ පොලිස් කණ්‌ඩායම් ඔවුන් ඇල්ලීම සඳහා මෙහෙයුම් දියත් කර තිබේ.
0 comments:
Post a Comment