වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක් වූ කැලණිය ප්‍රාදේශීය සභා
මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඡායාරූපයක් නිරාවරණය කිරීම කැලණිය
ප්‍රාදේශීය සභාවේදී පසුගියදා සිදුවිය. එහිදී කැලණිය ප්‍රාදේශීය
සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා අතින් හසිත මඩවල මහතාගේ
ඡායාරූපය නිරාවරණය කෙරුණු අවස්ථාව කැමරාවේ මෙසේ
සටහන් විය.
මීට ඉහත දී අභාවප්‍රාප්ත වූ එම ප්‍රාදේශීය සභාවේ
හිටපු සභාපතිවරයා වූ සීවලී කැලණිතිලක සහ එහි මන්ත්‍රීවරයකු වූ
සරත්චන්ද්‍ර ඩයස් යන මහත්වරුන්ගේ ඡායාරූප දෙක අසලින් හසිත
මඩවල මහතාගේ ඡායාරූපය ද නිරාවරණය කෙරුණු අතර එම අවස්ථාවට
කැලණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමිල දුමින්ද, විපක්ෂ නායක
සුමංගල සමරවීර යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු
සහභාගී වූහ.
0 comments:
Post a Comment