දිවයින පුරා කරන ලද වැටලීම්වලින් මදුරුවන් බෝවන හිතකර පරිසර පවත්වා ගෙන යාම් සම්බන්ධයෙන් 2012 වසර තුළ පමණක් නඩු 19199 ක් පවරා පුද්ගලයින් 16662 දෙනෙක් පොලිස් පාරිසරික කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මහා මාර්ගයට කුණු කසල දැමීම් සම්බන්ධයෙන්ද එම වසරේ නඩු 9765 ක් පවරමින් පුද්ගලයින් 7803 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් සංඛ්‍යා දත්ත අනාවරණය කරයි. එම වසරේ පරිසර නඩු පමණක් 32479 ක් පවරා ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාත්මකව 28818 කි.
2011
වසර හා සාපේක්ෂීව සැසඳීමේදි 2012 වසරේ මහා මාර්ගවලට කුණු දැමීම් සැලකිය
යුතු ප්‍රමාණයකින් අඩු වී තිබෙන නමුත් මදුරුවන් බෝවන පරිසර තත්ත්වයන්
පවත්වා ගෙන යාම් ඉහළ ගොස් තිබෙන බව පොලිස් පාරිසරික කොට්ඨාශය සඳහන් කරයි.
0 comments:
Post a Comment