Photobucket

Saturday, January 12, 2013

වත්තේගම විදුහල නාය යාමේ තර්ජනයක

මේ දිනවල පවත්නා ධාරානිපාත වර්ෂාව නිසා පස්කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සියලුම සිසුන්ට (11) දක්වා නිවාඩු ලබා දී තිබේ. මේ වන විටත් පස්කඳු කඩා වැටීම හා නාය යාම නිසා ගොඩනැගිලි කීපයකට දැඩි ලෙස හානි සිදුවී තිබෙන බව විදුහල්පතිනි රාණි විජේරත්න මහත්මිය පවසයි
 
කුඩා වර්ෂාවකට පවා නාය යෑම් සිදුවන වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ අවදානම් තත්වය පිළිබඳව අදාල බලධාරින්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව දෙමාපියන් පවසයි. මේ අතර නායයාමේ තර්ජනයක් නිසා දින නියමයක් නැතිව පූජාපිටියේ මොලගොඩ පියදස්සී, ගල්කන්ද කණිටු හා ගල්හින්න ජමාලියා විදුහල් (10) වසා දැමීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all