ආසියානු හොකී සම්මේලනයේ මෙහෙයවීමෙන් සිංගප්පූරුවේ සෙන්කෑන්
කෘත්‍රීම ක්‍රීඩාංගණයේදී පවත්වන ලද තෙවැනි ආසියානු හොකී
සම්මේලන කුසලාන කාන්තා හොකී තරගාවලියෙහි ශූරතාව චීන තායිපේ පිල
විසින් දිනාගත් අතර අනුශූරතාව හොංකොං දේශයට හිමිවිය. ලෝඩක
පදක්‌කම තායිලන්තය සතු විය.
මෙවර තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා පිලට සිව්වැනි ස්‌ථානයට පත්විය.
ලීග් ක්‍රමයට පැවැති මූලික වටයේ තරග 5 කට මුහුණදී තරග 3 කින් පරාජය ලැබීම හේතුවෙන් මෙවර අවසන් තරගයට පිවිසීමේ වරම ශ්‍රී ලංකාවට අහිමිවිය. ඒ අනුව පසුගිය වර දිනාගෙන සිටි රිදී පදක්‌කම ආරක්‍ෂා කර ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඉකුත් ඉරිදා(16 දා) පැවැති ලෝකඩ පදක්‌කම සඳහා වූ තරගයේදී ගෝල් 6-3 කින් ශ්‍රී ලංකාව පරාජය විය. මූලික වටයේදී තායිලන්තය හමුවේ ගෝල් 2-1 කින්ද පරාජය ලැබූ ශ්‍රී ලංකා පිල හොංකොං දේශය හමුවේ ගෝල් 6-0 කින්ද චීන තායිපේ හමුවේ ගෝල 8-1 කින්ද පරාජය විය. පාකිස්‌තානයට එරෙහිව ගෝල් 8-1 කද සිංගප්පූරුවට එරෙහිව ගෝල් 1-0 කද ජයග්‍රහණ සටහන් කරගත් ශ්‍රී ලංකා පිල මූලික වටයේ සිව්වැනි ස්‌ථානයට පත්විය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ගෝල් 14 ක් රැස් කරගෙන ඇති අතර එරෙහිව සටහන් වී ඇති ගෝල් සංඛ්‍යාව 23 කි.
සියලු තරග පරාජයට පත්වූ පාකිස්‌තානයට අවසන් ස්‌ථානය හිමිවූ අතර පස්‌වැනි ස්‌ථානය සිංගප්පූරුව සතු විය.
මෙවර අවසන් තරගයේදී හොංකොං දේශය ගෝල් 2-1 ක් ලෙස පරාජය කිරීමට චීන තායිපේ පිල සමත්විය.
0 comments:
Post a Comment