Photobucket

Tuesday, December 25, 2012

පුරාවිද්‍යා කැණීමකින් හමුවූ 'ස්වයංජාත’ වී වර්ගයක් නියං කාලයේ පැළකර අස්වනු නෙලා ගනී

නිතර වෙනස්වන කාලගුණික තත්ත්වයන් නිසා අපේ රටේ දේශගුණය ද නිතරම වෙනස් වෙයි. දිගු නියං කාලයන් අවසන් වී දැන් එක දිගට ඇදහැලෙන වැස්ස නිසා  ගංවතුරතත්වයන්ට මුහුණ දීමට සිදුවී තිබේග මේ දිනවල අප අත් විඳිමින් සිටින්නේ විපරීත කාලගුණයේ ප‍්‍රතිඵලයන්ය.  නියං සමයක  බොන්නට ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින ජනතාවට  බවබෝග වගා කළ හැක්කේ කෙසේද? අවම ජල පරිභෝජනයෙන් ආහාර නිෂ්පාදනය කළ හැක්කේ කෙසේද? යන්න පිළිබඳව හම්බන්තොට, අනුරාධපුරය, තන්තිරිමලේ ප‍්‍රදේශයන් ආශි‍්‍රතව සිදුකළ පර්යේෂණයක දී ශී‍්‍ර ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්වූ ආචාර්ය පි‍්‍රයන්ත අයි. 

යාපාට අපූරු අහඹු නිමිත්තක් පහළව ඇත. ඒ අනුව වපුල බිජුවෙහි ඵල නෙලා ගැනීමට ආචාර්යවරයා සමත් වීම  හේතුවෙන් අනාගතයේ දී නියං සමයේ දී රටේ මුළුමහත් ජනතාවගේ ම කුස පුරවන්නට සමත් වනු ඇතැයි අපි සිතමු. ඒ පිළිබඳ සතුටු වෙමු. ලැබුණ හෝඩුවාව ඔස්සේ මා පෙළඹ වූ කි‍්‍රෂ්ණ විජේබණ්ඩාර මහතාට ද මෙහිදී  විශේෂ ස්තූතිය හිමිවේ. ආචාර්ය පි‍්‍රයන්ත යාපාගේ එම ව්‍යායාමය ඔස්සේ ඔහු හා කථාබහක යෙදීමට අවස්ථාව සැලසුන අතර එම තෙරතුරු මෙලෙස ලියා තබන්නට හැකිවිම ගැන මා ද සතුටු වෙමි.

"මා තන්තිරිමලේල හම්බන්තොට ආශි‍්‍රත ප‍්‍රදේශයේ පර්යේෂණ කටයුත්තක නියැලූනා. ඒ  ඉතා දැඩි නියඟ කාලයක්. බොන්නවත් වතුර නැති කාෙලක වගා කළ හැකි බවභෝග මොනවාද යන්න ගැනයි පර්යේෂණය සිදු කළේ. එහෙම  වැඩ කරද්දී  එක් කාන්තාවක් මට ඉපැරැණි වී ඇට කීපයක් ගෙනැවිත් දුන්නා. ඇයට වැඩිහිටි ගොවියෙක්ගෙන් පුරාවිද්‍යා කැණීමකදී ඒවා ලැබී තිබුණු බවයි කීවේ. ඒ ගැන ලිඛිත සාක්ෂි තිබුණෙත් නැහැ.  මා අන්තර්ජාලයෙන් සොයා බැලූවත් කිසිම තොරතුරක් ලබා ගැනිමට හැකි වුණේ නැහැ.  ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව හැදෑරූ ගුණතිලක නම් මහත්මයෙක්ගෙන් මේ ගැන මා විමසීම් කළා. ඔහු පැවසුවා පුරාවිද්‍යා කැණීම්වලින් මෙවැනි ධාන්‍ය හමුවු බව. සබරගමුව විශ්ව විද්‍යාලයට පැමිණි ආචාර්ය ශිරාන් දැරනියගල මහතා සමග දිනක් මට කතා කරන්නට ලැබුණා. එහි දී ඔහු කීවා හෝටන්තැන්නේ කැණීම්වලදී අවුරුදු දහස් ගණනක් පැරැණි හමුවූ බව. මේ වී විශේෂය තියෙන්නේ රාජාංගණයේ හා තන්තිරිමලේ පමණයි.” ආචාර්ය යාපාට කාන්තාවගෙන් වී ඇට 24 ක් ලැබී තිබේ. එම බීජ සම්බන්ධව ඔහු කීවේ මෙවැනි කථාවකි. ”

 වී ඇට 24 ක් කියන්නේ පර්යේෂණයකට ප‍්‍රමාණවත් සංඛ්‍යාවක් නොවෙයි. සීමිත ඇට ප‍්‍රමාණයකින් එවැනි පර්යේෂණ කළ නොහැකියි. එම බීජ කෑගල්ලල බෙලිහුල්ඔය හා කොළඹගෙආර ප‍්‍රදේශවල පැළ කිරීමට කටයුතු කළා. එහෙම කිරීමට හේතු වුණේ එක පළාතක අසාර්ථක වුණොත් කියන බය නිසයි. ඒත්  පුදුමයි. එක ඇටයක් හැරෙන්නට අන් සියලූ ඇට පැළ වෙලා තිබුණා.  බොහෝ බීජවල උපරිම ප‍්‍රරෝහණය පවතින්නේ  80%ක් පමණයි. සමහර බීජවල 10% ක් විය හැකියි. ඒත් මෙම වී විශේෂය ඉතා ඉහළ ම ප‍්‍රරෝහණයක් පෙන්නුම් කළා. මෙම විශේෂයට ඉහළ දැරීමේ හැකියාවක් තියන බව ඔප්පු වුණා. මෙහි විශේෂත්වය නම් නියඟයට ඔරොත්තු දීමයි. ” කෙටියෙන් කිවහොත් කුඹුරක් නොවන ගොඩබිමක හෝ මෙම වී විශේෂය වගා කළ හැක. ඉදල් ඉරිඟු ශාඛයක ස්වභාවය ගන්නා මෙම වී විශේෂය ඉදල් ඉරිඟු ගසක් මෙන් තනි ගසක් නොව පඳුරකි. 

පත‍්‍ර ඉරිඟු කොළයක හැඩය ගන්නා නමුදු එතරම් පළල් නොවන අතර සිහින් දිගැටිය. අනෙක් විශේෂත්වය නම් සාමාන්‍ය ගොයම් ගසකට වඩා මෙය අඩි 09 ක් තරම් උසට වැඩේ. රටේ ආහාර නිෂ්පාදනය ගැන කීමේදී  කථා නොකරම බැරි මාතෘකාවකි රසායනික පොහොර හා කෘෂි රසායන භාවිතය. ඒ පිළිබඳව ආචාර්යවරයා දැරුවේ මෙවන් මතවකි. ” කිසිම රසායනික පොහොරක් මෙම වී පඳුරට එක්කොට නැහැ. ඒ වගේම කිසිම රසායනික පළිබෝධ නාශකයක් යොදා නැහැ. එළු පොහොර ටිකක් පමණක් එක්කළා. කෘමි හානි ශාඛයට තිබුණේ නැහැ. සාමාන්‍ය ගොයමට මැක්කන්ගෙන් දැඩි හානි තිබුණත් මෙම විශේෂයට එවැනි බලපෑමක්  

තිබුණේ නැහැ. පත‍්‍රවලට සුලූ බලපෑමක් තිබුණා මැක්කන්ගෙන්. ඒත් එය ශාඛයට දැනෙන තරම් හානියක් නෑ. ඊට ගඳපාන, කොහොඹ හා කළුවැල් කොල ඉස්ම එක් කළා. නිරෝගීකමින් ද   ඉතා ඉහළ මට්ටමේ වී ප‍්‍රභේදයක්.” වී ඇට අත්ලට ගෙන පිරිමැද්ද විට පොත්ත ඉතා පහසුවෙන් ඉවත් වීමත් මෙහි විශේෂ ලක්ෂණයක් බව ආචාර්ය යාපා පවසයි. පොත්ත තද හා කෙටීමට වෙහෙස ගත යුතු නැති බවත් ඔහු අවධාරණය කරයි. එමෙන්ම රක්ත වර්ණ මා වී විශේෂයක් වන අතර බීජ සිටුවා අස්වැන්න නෙලීමට මාස 06 ක් ගතවේ. ප‍්‍රදේශ තුනක සිටුවා ඇති වී විශේෂය  එම ප‍්‍රදේශවල පවතින වියළි දේශගුණික තත්ත්වය අනුව වැඩෙමින් උස තීරණය වන බවත් ආචාර්යවරයා පවසයිග කෑගල්ලේ අඩි 09 කට වැඩි උසකින්දල බෙලිහුල්ඔය දී එය අඩි 09ට ආසන්න උසකින්දල කොළඹගෙආරේ දී අඩි07ට ආසන්න  උසකින් මෙම වී ගස් වැඩී තිබේග තන්තිරිමලේ ගොවියන් මෙම වී ප‍්‍රභේදය හඳුන්වා ඇත්තේ 'ස්වයංජාත’ යන නමින් වන අතර ඉන් අදහස් වන්නේ ඉබේ ජනිතවු වැනි අදහසකි. පෞරාණික කැණිමකින් හමුවු මෙවැනි ධාන්‍ය අවුරුදු දහස් ගණනකට පසු පැළ කළ හැකිදැයි ඇසූ විට ආචාර්ය යාපා දුන්නේ මෙවන් පිළිතුරකි ” ආදි කාලේ අපේ රටේ දැන් වගේ පිටරටින් ආහාර ගෙන්වූයේ නැහැ.

 ස්වාභාවික විපතකදීල  අසාමාන්‍ය නියඟයකදී ආහාර නිපදවා ගන්න තිබුණ ආරක්ෂිත ක‍්‍රමයක් කියලයි මට හිතෙන්නේ.  ආරක්ෂාකාරීව තැන්පත් කළේ නම් අවුරුදු දහස් ගණනකට පසු වුවද එම බීජ පැළ වීම සිදුවෙනවා.  අනෙක මේ දේත් කිව යුතුයි. ලංකාවට පැහැදිලිවම නියඟය කියන එක එන්න එන්නම වැඩිවෙනවා.  ගිය වසරට වඩා මේ වසරේ නියං සමය දිගයි. මේ ආකාරයෙන් දේශගුණික තත්ත්වයන් වෙනස් වෙනවා. එනිසා නියං සමයට ඔරොත්තු දෙන බෝග වගා කිරීමට  සිදුවන කාලයක් ඉදිරියට එනවා. මෙම ”ස්වයංජාත” කෙතෙන් බිස්සට යවන්නට පෙර පර්යේෂණාගාරයට යවමින් ඉදරි දිනකදී බැතේ ඖෂධීය ගුණ වණන්නට හැකිවනු ඇතැයිද විශ්වාස කරමු. පිටරටට දත නියවමින් කට උඩ බලා නොසිට මෙවන් පර්යේෂණයන්ගෙන්, විපරීත දේශගුණයක් සහිත මේ රටට සෙත සදන්නට  විද්වත් දනන් හට සිත් පහළවන්ට ප‍්‍රාර්ථනා කරමු. 

අඳුරට දොස් නොකියා එක පහනක්  දල්වන්නට වෙර දරන මෙවන් මිනිසුන්ට ශක්තියක් වෙමින් විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනයන්හි ගුරු සිසුන්ට තවතවත් මෙවන් පරයේෂණ කරා යොමු වන්නටත් සිත් පහළ වේවායි ද ප‍්‍රාර්ථනා කරමු.   
Share on :

2 comments:

Amila Chathuranga said...

මේක පිලිගන්න අමාරු දෙයක්...බීජයක ආයුකාලය වසර දහස් ගානක් නැහැ...උපරිම අවුරුදු සීයක් ඇති...

Unknown said...

ඇත්ත අමිල ඒත් ඒක වෙලා තියනවා. අපි ඒක දැකලාත් තියනවා. ඔයත් කැමති නම් තව හොයලා බලන්න. මේ ගොයම් ගස ගැන හොයන එක හරිම ආකර්ෂණී ප්‍රතිපල දෙනවා. වතුරට ඒක දක්වන ප්‍රතිචාර විශිෂ්ඨයි. මේ වගේ විස්තර පලකරන එකට ස්තුතියි.

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all