Photobucket

Tuesday, December 25, 2012

ධවල මන්දිරයේ නත්තල්

පසුගිය 06 වැනි දින රාත්‍රියේ ඇමරිකාවේ ජාතික නත්තල් ගස ධවල මන්දිරය අසලදී ආලෝකමත් කරන ලදී. ජනාධිපති බරක් ඔබාමා, බිරිඳ මිෂෙල් ඔබාමා හා දියණියන් වන සාෂා හා මාලියා මෙන්ම මේරියන් රොබින්සන්ද වොෂින්ටනයේ පැවති මෙම අවස්ථාවට සහභාගි විය. 

යුද්ධයේදී හා සාමයේදීත් ජයග්‍රහණයේදී හා පරාජයේදීත් නත්තල් ආශ්චර්යයේ ප්‍රීතිය භුක්ති විඳීම සඳහා තමන් සැමවිටම එක් වූ බව බරක් ඔබාමා මෙහිදී ප්‍රකාශ කර ඇත. නිව්යෝක් හි මිඩ්ලන්ඩ් බිච් හි මීට නොබෝ කලකට පෙර සැන්ඩි සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන අසල මාවතේ ද විශාල නත්තල් ගසක් ඉදිකර ඇති බව සඳහන් කළ ජනපති ඔබාමා මේ ව්‍යසනකාරී අවස්ථාවක් නොව නත්තල් අසිරිය විඳින කාලය යන පණිවුඩය නත්තල් ගසින් පැවසෙන්නේ යයිද එහිදී ප්‍රකාශ කර ඇත.
Share on :

1 comments:

Amila Chathuranga said...

යස වැඩේ...ඒක විපතට පත් වුන අය බොහොම දුකින් වුනත් ඒ වෙලාව සතුටින් ගත කරන්න ඇති...වර්ඩ් වේරිෆිකේෂන් නිසා අපිට කමෙන්ට් දාන්න නම් අමාරුයි...

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all