අදියර
තුනකින් සමන්විත ‘ටුවර් ඩි ඉන්දියා’ අන්තර් ජාතික පාපැදි සවාරියේ තරගකරුවන් 70කට
අධික සංඛ්‍යාවක් අතරින් 13වැනි ස්ථානය අත්කර ගැනීමට ශ්‍රී ලංකාවේ කුෂාන්ත දයානන්ද
සමත්විය.
වත්මන් පාපැදි අතුරු පාලක කමිටු සභාපති එයාර් වයිස් මාෂල් ගගන බුලත්සිංහල මහතාගේ
අධීක්ෂණය යටතේ ගුවන් හමුදා ක්‍රීඩකයන් 3ක්, යුද හමුදා ක්‍රීඩකයන් 2ක් සහ පොලිසියේ
ක්‍රීඩකයෙක් මේ තරගාවලියට ඉදිරිපත්වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පළමු හා අවසන් අදියරේ දී ප්‍රබල ඉන්දියා
ක්‍රීඩකයන් අබිබවා යාමට සමත්වීම විශේෂ සිදුවීමක් විය.
සමස්ත තරගයේ ජයග්‍රහණය කසකස්තානයට හිමිවූ අතර ජර්මනිය දෙවැනි ස්ථානයත්, එක්සත්
අරාබි එමීර් රාජ්‍යය තුන්වැනි ස්ථානයත් හිමිකර ගත්තේය. තරගාවලියට සහභාගි වූ ශ්‍රී
ලංකා කණ්ඩායම.
0 comments:
Post a Comment