හොරණ කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලය මඟින් පාසල් දරුවන් ගෙවතු වගා කටයුතු කෙරෙහි
යොමු කරවීම සඳහා පාසල් කෘෂි සමාජ පිහිටුවීමේ වැඩසටහන යටතේ දැනට කෘෂි සමාජ
පහක් පිහිටුවා ඉතාමත් සාර්ථකව වගා කටයුතු කරගෙන යන බැව් හොරණ කෘෂිකර්ම
ව්‍යාප්ති උපදේශක කේ. විජිත කරුණාරත්න මහතා පැවැසීය.
මේ කෘෂි සමාජ පිහිටුවා ඇත්තේ දික්හේන ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල, කණන්විල
සුගතපාල කනිටු විද්‍යාලය, හාන්දුපැල්පල කනිටු විද්‍යාලය, ඔලබොඩුව සුගතපාල
විදුහල හා හොරණ මේධංකර මහා විද්‍යාලය යන විදුහල්වලටය.
මේ ව්‍යාපෘතියට අමතරව හොරණ කෘෂිකර්ම කොට්ඨාසය තුළ ආදර්ශ ගෙවතු හැත්තෑ දෙකක්
පිහිටුවීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කර ඇත. ආදර්ශ ගෙවතු වගාකරුවනට ඒ
සඳහා අවශ්‍ය බීජ වර්ග හා කෘෂි උපකරණ ද හොරණ කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලය මඟින්
නොමිලයේ ලබා දී ඇත.
0 comments:
Post a Comment