Photobucket

Friday, December 21, 2012

දෝනිගේ 'තොටිල්ල' කුණාටුවක්‌ අබියස...?

සංචාරක එංගලන්ත කණ්‌ඩායමට පළමුව ටෙස්‌ට්‌ තරග 4-0 වශයෙන් පරාජය වීම, ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට ටෙස්‌ට්‌ තරග 4-0 ක්‌ වශයෙන් පරාජය වීම සහ යළි එංගලන්තය වෙතින් ටෙස්‌ට්‌ තරග 2-1 වශයෙන් ඉන්දියාවේදීම පරාජය වීම හේතුවෙන් ඉන්දීය ටෙස්‌ට්‌ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජනප්‍රියතාව ශීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබෙන අතර, එමගින් තම වෙළෙඳ දැන්වීම්වල ප්‍රධාන චරිතය වූ දෝනි එම දැන්වීම්වලින් ඉවත් කිරීමට ඉන්දීය වෙළෙඳ සමාගම් ක්‍රියාකරමින් සිටින බව ඉන්දියාවේ 'ඉකොනොමික්‌ ටයිම්ස්‌' පුවත්පත වාර්තා කරයි.

වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටීම සඳහා මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියාවේ සමාගම් 27 ක්‌ සමග කොන්ත්‍රාත්තු අත්සන් කර ඇති අතර කණ්‌ඩායමේ අදාළ ජනප්‍රියතාව හීනවීමත් සමගම එම සමාගම් 27 න් 5 ක්‌ දැනටමත් අදාළ කොන්ත්‍රාත්තු අත්හිටුවා ඇතැයි එම වාර්තාව වැඩිදුරටත් කියයි.

ඉන්දීය ජන සමාජයේ ඇති සාර්ථක පුද්ගලයකු මෙන්ම 'සුපිරි වෙළෙඳ භාණ්‌ඩයක්‌' වශයෙන් ගැනෙන දෝනි වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටිමින් වසරකට උපයන මුදල ඉන්දීය රුපියල් කෝටි දෙදාහක්‌ යෑයි පැවැසේ.

උද්ගත වී ඇති තත්ත්වය අනුව මෙම අදායාම 30% කින් අඩුවීමේ ප්‍රවණතාවක්‌ ඇතැයි පැවැසේ.

දෝනිගේ දැන්වීම් කොන්ත්‍රාත්තු ආදායම් වසරකට සාමාන්‍යය ඉන්දීය රුපියල් කෝටියක්‌ වන අතර, කොන්ත්‍රාත්තුවක්‌ බලාත්මක කාලය බොහෝ විට වසර 2-3 අතර වේ.

ඉන්දීය කණ්‌ඩායමේ වත්මන් 'බහින කලාවට' මහේන්ද්‍ර සිං දෝනි එක එල්ලේම වගකිව යුතු හෙයින් ඔහු ටෙස්‌ට්‌ නායකත්වයෙන් ඉවත් කළ යුතු බවට හිටපු නායකයන් වන සුනිල් ගවස්‌කාර්, බිෂන් සිං බේඩි සහ ක්‍රිෂ්නමාචාරී ශ්‍රී කාන්ත් පවසති.

එහෙත්, දෝනි එම ධුරයෙන් ඉවත් කිරීම පහසු කාර්යයක්‌ නොවන බවත්, දෝනිගේ තැන ගැනීමට කිසිදු ඉන්දීය ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ ඒ අසලටවත් මෙතෙක්‌ පැමිණ නැති බවත් පවසන ඉන්දීය වෙළෙඳ දැන්වීම් ආයතනයක ප්‍රධානියෙක්‌, "ඊළඟට ජ්‍යෙෂ්ඨ යෑයි කියන යුවරාජි සිංගේ දක්‍ෂතා යලට-මහට වගේ... සචින් ටෙන්ඩුල්කාර් විශ්‍රාම යන්නන්ගේ ලැයිස්‌තුවේ... විරාත් කෝලි ට තව බොහෝ කාලයක්‌ තියෙනවා..."යි පවසන අතර කොන්ත්‍රාත්තු- ගිවිසුම් අත්හිටවූ සමාගම්, "පුංචි පුංචි කොම්පැණි ඒ අයට කොන්ත්‍රාත් මුදල් ගෙවා ගන්නවත් ශක්‌තියක්‌ නෑ"යිද පවසා ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all