Photobucket

Friday, December 21, 2012

රුසියානු දරුවන් හදාගන්න අමෙරිකානුවන්ට තහනම්

අමෙරිකානුවන් විසින් රුසියානු දරුවන් හදාවඩා ගැන්ම තහනම් කෙරෙන‍ පනතකට රුසියානු පහළ මන්ත්‍රී මණ්ඩලය පෙරේදා පූර්ණ සහයෝගය ලබා දී තිබේ. 
 
දෙරට අතර සබඳතාවන් පඵදු කෙරෙන අන්දමේ අමෙරිකානු අයිතිවාසිකම් නීතියකට එකටෙක කිරිමක් වශයෙන් මේ පනත ඉදිරිපත්ව ඇති බව සඳහන්ය. 

'ඩිමා යකෝව්ලෙව්' පනත ලෙස හැඳින්වෙන මෙය කෙටුම්පත් කරන ලද්දේ අමෙරිකානු මන්ත්‍රීවරුන් විසින් පසුගිය සති‍යේ මැග්නිට්ස්කි නමින් පනතක් සම්මත කරගැන්මෙන් පසුය . මෙය සර්ගි මැග්නිට්ස්කි නම් දුෂණ විරෝධි රහස් එළිදරව් කරන්නා 2009 දි බන්ධනාගාර ගතවසිටියදි මියයාමේ සිද්ධියට මැදිහත් යැයි පැවසෙන රුසියානුවන් ඉලක්ක කරගත්තකි. 

රුසියානු පනත නම්කර ඇත්තේ 2008 දී තමා හදා වඩාගත් අමෙරිකානු පියා විසින් මෝටර් රිය තුළ අමතක කරදමා යාමෙන් පසු අධික තාපය උසුලාගත‍ නොහී ආඝාතයක් හටගැන්මෙන් මිය ගිය රුසියානු ළදරුවකු ගේ නමිනි. මේ පියා මිනිස් ඝාතනයට වරද කරු නොවන බව ප්‍රකාශ කරමින් වර්ජිනියා උසාවියක් මගින් ඔහු නිදහස් කිරීමෙන් පසු රුසියානු නිලධාරින් ඊට විරෝධය දක්වා තිබිණ

මේ රුසියානු පනත අද ඩුමා පාර්ලිමේන්තුවේදි අවසන් කියවීමෙන් පසු අනුමත කෙරෙනු ඇතැයි අපේක්ෂිතය. ඉන්පසු ලබන වසරේ මුල සිට එය ක්‍රියාත්මක වනු ඇත්තේ ජනාධිපති පුටින් විසින් එය අස්සන් කිරීමෙන් පසුය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all