Photobucket

Friday, December 21, 2012

අත්හිටවූ සිරදඬුවම් ලබාසිටි පැන ආ සෙබළා පෙම්වතියගේ නිවසට ගොස්‌ එල්ලී දිවි නසාගෙන

පේරාදෙණිය - ගන්නොරුවේ කැන්දකඩුව ප්‍රදේශයේ පදිංචි හමුදාවෙන් පැන ආ සෙබළෙකු හිඳගල - සරසවිගම ප්‍රදේශයේ පදිංචි තම පෙම්වතියගේ නිවසේ කාමරයක 18 දින එල්ලී සියදිවි හානිකර ගැනීමේ පුවතක්‌ පේරාදෙණිය පොලිසියෙන් වාර්තා වේ.

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ ජී. බී. ජී. හර්ෂ ලාලිත ගිරිහාගම නමැති 21 හැවිරිදි අයෙකි. මියගිය අය මීට පෙර ගන්නොරුව ප්‍රදේශයේ සිදුකරන ලද ගෙවල් බිඳුම් කීපයක්‌ සම්බන්ධනයෙන් ඔහුගේ පෙම්වතිය සමඟ පිළිමතලාව ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව වරද පිළිගැනීමෙන් පසු අත්හිටවූ සිරදඬුවම් විඳිමින් සිටි අයකු බවද පේරාදෙණිය පොලිසිය සිදුකරන ලද පරීක්‍ෂණ වලින් අනාවරණය වී ඇත.

මෙම සිය දිවි හානි කර ගැනීම සිදුව ඇති පෙම්වතියගේ නිවසේ සිටි සියලුදෙනා මහියංගන ප්‍රදේශයේ මළ ගෙදරකට ගොස්‌ සිටි අවස්‌ථාවේ මියගිය අයගේ පෙම්වතිය අනෙක්‌ අයට පෙර තනිවම ආපසු ගෙදර 18 දා පැමිණි අවස්‌ථාවේ දොර හැර බැලූවිට පුද්ගලයකු නිවස තුළ එල්ලී සිටිනු දැක බියට පත්ව සිහිසුන්ව පේරාදෙණිය රෝහලට 18 දා ඇතුලත් කර ඇති අතර මේ වනතුරු (19) ඇයගෙන් ප්‍රකාශයක්‌ ලබාගැනීමට පොලිසිය නොහැකිවී ඇත.

මෙම මරණය සැක සහිත බවට මියගිය අයගේ දෙමාපියන් ප්‍රකාශ කිරීම හේතුවෙන් පේරාදෙණිය පොලිසිය සිද්ධිය පිළිබඳ මහනුවර මහෙස්‌ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා වෙත දැනුම්දීමෙන් පසු මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව හා පොලිසිය විසින් පවත්වන ලද මූලික පරීක්‍ෂණ වාර්තාවද ජනවාරි 17 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් එදින සාක්‍ෂි කැඳවීමටත් පොලිසිය නියෝග කළේය.

පේරාදෙණිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රාජනායක බණ්‌ඩාර, සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක බන්ධුසේන, උපපොලිස්‌ පරීක්‍ෂක බී. එම්. නවරත්න, සැරයන් (32504) අකිල, සැරයන් (26112) ගුණරත්න යන නිලධාරීහු සිද්ධිය පිළිබඳ තවදුරටත් පරීක්‍ෂණ පවත්වති.

මියගිය අයගේ පෙම්වතිය වූ සරසවිගම පදිංචි අහිංසා සෙව්වන්දි යන අය දැනට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all