25418ක් අවතැන් කඳවුරුවල
රටපුරා විවිධ ප්‍රදේශයන්හි පවතින අයහපත් කාලගුණ තත්ත්වය පහව ෙගාස් ඇත.
දැනට පුද්ගලයන් 25418ක් අවතැන් කදවුරු 128ක රදවා සිටින බව ආපදා කළමනාකරණ
මධ්‍යස්ථානය පවසයි. මේ වනවිට පුද්ගලයන් 42 දෙදෙනෙකු මරණයට පත්වී ඇති අතර 9
දෙනෙක් අතුරුදන්ව 22 ක් තුවාල ලබා සිටිති.
තාවකාලිකව රඳවා තිබෙන පිරිස් සිය නිවෙස් බලා යාම ආරම්භ කර ඇති බව ආපදා
කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ලාල් කුමාර මහතා ප්‍රකාශ කරයි.
මාර්ගවලට පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග අවහිර වී
තිබෙන අතර ජලාශ කිහිපයක් පිරී යාමෙන් වාන් දොරටු විවෘත කිරීමට සිදුව තිබෙන බවද ඒ
මහතා සඳහන් කරයි.
නුවරඑළිය-වැලිමඩ, ත්‍රිකුණාමලය-මඩකලපුව, පුත්තලම-වෙරුගල්කුලම,
යාපනය-වවුනියාව,
පොළොන්නරුව-මඩකළපුව, සෝමාවතිය-සුංගාවිල මාර්ගයන්ට පස්
කඳු කඩාවැටීම සහ ජලයෙන් යටවීම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන
තිබෙන අතර එම මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද සහකාර
අධ්යක්ෂ කියාසිටී.
දැදුරු ඔය, පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රය, අනුරාධපුර රාජාංගනය වැව,
උඩවලව ජලාශය සහ කන්තලේ ජලාශයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් වාන් දොරටු
විවෘතකළ බවද ඒ ආශ්රිත ප්‍රදේශයන්හි ජනතාව ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය
යොමුකළ යුතු බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂවරයා ප්‍රකාශ
කරයි.
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් නීලපොල වේල්ල කැඩීයාමත් සමග මුතූර්, නීලපොල,
දෙහිවත්ත යන ප්‍රදේශවල කුඹුරු අක්කර 15000 ක් පමණ ජලයෙන් යටවී අලාභහානි
සිදුවී ඇත. පදවිය , කම්බිලිවැව, බිසෝකොටුව, ඕමාර්කඩ යන ප්‍රදේශවල ජනතාවද
ජල ගැලීම් හේතුවෙන් විපතට පත්ව ඇත.
මේ අතර හොරොව්පතාන නගරය හා පදවිය අනුරාධපුර කැබිතිගොල්ලෑව කහටගොල්ලෑව
හන්දියද ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මාතලේ
ප්‍රදේශ කිහිපයක පොළව ගිලාබැසීමට හේතුව පොළව අභ්‍යන්තරයේ ඇති හුනුගල්
තට්ටුවල කුහර තත්වයක් ඇතිවීම බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ භූ
විද්‍ය අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පෙන්වා දෙයි. මේ හේතුවෙන්
තොටගමුව හා ඉඹුලදණ්ඩ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවන ලෙසත් එම ප්‍රදේශ
තවතවත් ඉදිරියේදී ගිලාබැසීමට ලක්විය හැකි බවටත් හෙතෙම පවසයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු
ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන
තිබේ.
0 comments:
Post a Comment