Photobucket

Tuesday, December 25, 2012

සාමයේ සුර ගීතිකා මැද අසිරිමත් නත්තල උදාවේ·

සමස්‌ත ලෝකයටම සාමයේ පණිවුඩය ගෙන ආ ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24 දා) මැදියම් රැයෙන් උදාවිය.

සිහිලැල් මඳනල දසත හඹායන අවස්‌ථාවේ ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත ක්‍රිස්‌තු භක්‌තිකයෝ නත්තල මහත් බැතියෙන් යුක්‌තව සමරන්නාහ.

නත්තල නිමිත්තෙන් අද (25 දා) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දෙව්මැඳුර, කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැඳුර, බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ දෙව්මැඳුර, පොල්වත්තේ ශාන්ත මයිකල් ආනා දෙව්මැඳුර ඇතුළු දේවස්‌ථාන රැසක දේව මෙහෙයන් පැවැත්වෙයිs.

මේ හැර අද (25 දා) වතිකානුවේ ශාන්ත පීතර දේවස්‌ථානයේ ද පාප්වහන්සේගේ මෙහෙයවීමෙන් දේව මෙහෙයක්‌ පැවැත්වෙනු ඇත.

හෙරොද් රජු සමයේ පූර්ව දිසාවේ සිට පැමිණි රජවරු තිදෙනෙක්‌ යුදෙව්වන්ට රජව උපන් වහන්සේ කොහිද? මක්‌නිසාද අපි උන්වහන්සේගේ භූමිකාව දුටුවෙමි කියා සිටියහ. මේ ප්‍රකාශය ඇසූ හෙරොද් රජු මහා කැළඹීමකට පත්වී අලුත උපන් ළදරුවන් සියල්ල මරා දමන්නැයි හමුදාවට නියෝග කළේය.

මේ අවස්‌ථාවේ දේව දූතයෙක්‌ දර්ශනය වී අලුත උපන් ළදරුවා ද රැගෙන වහාම ජෙරුසලමට පලා යන්නැයි ඡේසු බිළි¹ගේa මව්පියන්ට විධානය කර ඇත. මේ අතර පූර්ව දිසාවේ තාරකාව රජවරුන් තිදෙනාට මඟ පෙන්නූ අතර ඔවුහු ඡේසු බිළි¹ දැක නමස්‌කාර කර පුද පඬුරු පිළිගැන්වූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all