Photobucket

Tuesday, December 25, 2012

ගංවතුර නිසා ලියන්න බැරි වූ සා.පෙළ, ගණිතය-සෞන්දර්ය පෙබරවාරි 09-10

විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළ විභාග දෙපාර්තමේන්තු සේවකයාගේ වැඩ තහනම්
සා.පෙළ සියලුම සිසුන්ට විද්‍යාවට ලකුණු 19ක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය සහ සෞන්දර්ය විෂයන් සඳහා, පෙනීසිටීමට නොහැකි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පෙබරවාරි 9, 10 දෙදින තුළ නැවත විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍යපෙළ) විභාගයේ විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 19ක් සඳහන් කොටස පිටකිරීමට උදව් කළේ යැයි සැකකරන විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය මුද්‍රණාලයේ සේවකයාගේ වැඩ තහනම් කොට ඇත.

මෙවර විභාගයේ පිටවූ ප්‍රශ්න 19 වෙනුවට නැවැත විද්‍යාව විෂය විභාගයක් නොපවත්වා, විභාගයට පෙනී සිටි පන්ලක්ෂ හතළිස් දෙදහසටම ලකුණු 19ක් ලබාදීමට ප්‍රශ්න පත්‍රය සකස්කළ ශාස්ත්‍රීය සභාවේ විද්වත්හු තීරණය කළ බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා  (24) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

“ප්‍රශ්න පත්‍රයක කොටසක් පිටවිණැයි කියන සිද්ධිය මුල් කොට අධ්‍යාපන ඇමැතිවරයා අස්කරනු කියා පිරිසක් කියනවා. එයට අධ්‍යාපන ඇමැතිවරයා අස් කිරීමට උවමනාවක් නැහැ. මොකද? අධ්‍යාපන ඇමැතිවරයා විභාග දෙපාර්තමේන්තුවේ ක්‍රියාදාමයට කිසිසේත්ම සහ සම්බන්ධතාවයක් නැහැ.

“අපේ රටේ විභාග දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු ඉතා විශ්වාසනීය ලෙස සිදු කරනවා. ඊට විභාග පනත උදව් කරනවා. විභාග ;දපාර්තමේන්තුවේ කටයුතුවලට දේශපාලනඥයින් ඇඟිලි නොගැසිය යුතුයි. අපි ඉන්නේ ඒ ස්ථාවරයේයි. මම පමණක් නොව මතු මතුවේත් මේ විෂයභාර ඇමැතිවරුන්ට මේ විභාග කටයුතුවලට ඇඟිලි ගහන්නට ඉඩ නොදිය යුතුයැයි ඇමැතිවරයා පැහැදිලි කෙළේය.

විභාග ප්‍රශ්න පත්‍රයේ පිටවීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් පස් දෙනෙක් රිමාන්ඩ් කර තිබෙනවා. අපි ඔවුන්ට එරෙහිව කිසිදු තරාතිරමක් නොබලා දැඩි දඬුවම් ලබා දෙනවා. නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා.

පොලිස්පතිතුමාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අපි මේ සිද්ධිය වාර්තා වූ වහාම දැනුම් දුන්නා. පැමිණිලි කළා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධිය පිළිබඳව ඉතා ඉක්මනින් තොරතුරු හෙළිකර ගත්තා. අපි පොලිස්පතිතුමාටත් ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා. මින් ඉදිරියට මෙවන් වංචා සිදු නොවන තැනට අපි වග බලාගන්න ක්‍රියා කරනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එස්.එන්.පුෂ්පකුමාර මහතා

මේ සිද්ධියට අපේ දෙපාර්තමේන්තුවේ එක් අයෙක් සැකපිට අත්අඩංගුවට ගත්තා. ඔහුගේ වැඩතහනම් කළා. කිසිම පූර්ව අවසරයකින් තොරව ඔහුට දෙපාර්තමේන්තුවට එන්නටවත්, රටින් පිටවන්නටවත් බැරිවන විදිහට අපි නීතිය ක්‍රියාත්මක කළා. ස්වභාවික ව්‍යසනය හේතුවෙන් ගණිතය සහ සෞන්දර්ය විභාග ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියන්නට නොහැකි වූ සිසුන් වෙනුවෙන් ලබන වසරේ පෙබරවාරි 9,10 විභාග යළි පවත්වනවා. ඒ පිළිබඳව අවශ්‍ය අවසාන තීරණය ගැනීමේ සුවිශේෂී සාකච්ඡාවක් ලබන සිකුරාදා පළාත් හා කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු සමඟ පවත්වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. ගෝඨාභය ජයරත්න මහතා

විනයගරුක නැති මිනිසුන් සිටින පිට රටේ, සමාජයේ මෙවැනි අභාග්‍ය සම්පන්න දේ සිදු වෙනවා. අපි රට, සමාජය විනයගරුක පුරවැසියන්ගෙන් සැදුම්ලත් කරන්නට ඕනෑ.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all