Photobucket

Tuesday, December 25, 2012

මල්වතුඔයේ ජල මට්‌ටම ඊයේ තවත් නගී

මල්වතුඔයේ ජල මට්‌ටම ඊයේ (24 දා) වන විට තවදුරටත් ඉහළ යැම නිසා අනුරාධපුර නගරයේ නිවාස හා කාර්යාල ගොඩනැඟිලි රැසක්‌ ජලයෙන් යට වී පැවතිණි.

ජල ගැල්මට හසු වූ කාර්යාල ගොඩනැඟිලි අතර අනුරාධපුර සිංහ කණුව අසල පිහිටි සංචාරක තොරතුරු මධ්‍යස්‌ථානය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරුමැද පළාත් කාර්යාලය හා අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය ද වේ.

මේ අතර අනුරාධපුර නගරයේ ජයන්ති මාවත, බණ්‌ඩාරනායක මාවත, මල්වතුඔය පටුමග හා කොහොඹගස්‌ හන්දිය මාර්ගය ජලයෙන් යට වී පැවතීම නිසා එම මාර්ගවල වාහන ගමනාගමනය ඇනහිට පැවැති අතර අනුරාධපුර පොලිසිය විසින් මාර්ග බාධක යොදා එම මාර්ගවල වාහන ධාවනය තහනම් කොට තිබිණි.

මේ අතර ජල ගැල්මට හසුවී පැවැති හොරොව්පතාන නගරයේ ජලය ඊයේ (24 දා) උදේ වන විට මුළුමනින්ම පහව ගොස්‌ පැවැති අතර ඒ අනුව එම නගරයේ දෛනික කටයුතු යථා තත්ත්වයට පත් විය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all