ගල්අමුණ, මින්නේරිය ඔයේ ගසාගෙන එන ලදැයි සැකකෙරෙන වයස අවුරුදු 40ක් පමණ
කාන්තාවකගේ මළ සිරුරක් හිඟුරක්ගොඩ පොලිසිය විසින් සොයාගෙන ඇත.
මේ දිනවල පවත්නා මහ වැසි සමඟ මින්නේරිය ඔයේ විශාල ජල කඳක් ගලායමින් තිබූ අතර මේ
කාන්තාවගේ සිරුර එම ජලයට හසුවී ගසා එන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
පොලිසිය විසින් කාන්තාවගේ මළ සිරුර හිඟුරක්ගොඩ රජයේ රෝහලේ මෘත ශරීරාගාරයට
රැගෙනගොස් ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
0 comments:
Post a Comment