Photobucket

Wednesday, December 26, 2012

ඇෆ්ගන් ‍පොලිස් කාන්තාවක් ඇමෙරිකානු හමුදා උපදේශකවරයකු මරා දමයි

කාබුල් නුවර ‍පොලිස් මූලස්ථානය තුළදී ඇෆ්ගන් ‍පොලිස් කාන්තාවක විසින් ඇමෙරිකානු හමුදා උපදේශකවරයකු මරා දමා ඇත. ඇෆ්ගනිස්ථානු ආරක්ෂක බළකායේ සාමාජිකාවක විසින් නේටෝ සොල්දාදුවකුට සිදුකළ වෙඩි තැබිමක් පිළිබඳ පළවී ඇති ප්‍රථම වාර්තාව මෙයය.

ප්‍රහාරයක් එල්ල කළ එම ආරක්ෂක බළකා සාමාජිකාව ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබාගෙන ඇති අතර ඇය තාලිබාන් සංවිධානය සමග සම්බන්ධතා පවත්වන බවට සැක කෙරේ. ඇෆ්ගනිස්ථාන් හමුදා බළකායන් හෝ ‍පොලීසිය විසින් සිදුකරන විදේශීය හමුදා බළකායන්ට අයත් සාමාජිකයන් ඝාතනය කිරීමේ සිදුවීම්වල වැඩිවීමක් සිදුවී ඇති බව වාර්තා වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all