කපු මහතෙකු කාන්තාවකගේ නිල ඇල්ලීම නිසා එම කාන්තාව විවාහ කර ගැනීමට සිදුවූ
රසවත් පුවතක් ගල්නෑව ප්‍රදේශයෙන් වාර්තා වේ.
අවුරුදු විසි අටක් පමණ වයසැති කමලාවතී දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත්
වූවාය.
ඇය සමඟ විවාහ වී සිටින කපිලරත්න ගොවියෙකි. ඔවුන් විවාහ වී වසර 4 ක් වුවද දරු
සුරතල් බැලීමේ වාසනාව තවම ලැබී නැත.
බෝධි පූජා, දේව ශාන්තිකර්ම කොතෙක් කළද බලාපොරොත්තු ඉටු නොවුවද එම කටයුතු ද
අත්නොහැරියේය.
ගල්නෑවට නුදුරු පුලියන්කුලමේ හාස්කම් සහිත දේවාලයක් පිළිබඳ
ආරංචි වී එහි ගියේ සිය බලාපොරොත්තු ඉටුකර ගැනීමේ අටියෙනි.
කෙම්මුර දිනවල දේවාලයේ බාරහාර වූ මේ යුවළ පසුව තනිවම ඇය පමණක් යාමට පුරුදු
වූවාය.
දිනෙක හවස් වරුවේ ගිය කමලාවතී පසුව උදේම යාමට පුරුදු විය. අන් අය දේවාලයට එන
විට ඇය දේවාලයේ සිට ආපසු යන්නීය. මේ අයුරින් කාලය ගතවිය. සැමියාට මැය පිළිබඳව
සැකයක් ඇති වී ඇයගේ පසුපසින් දේවාලයට ගියේ හොර ඇල්ලීමටය.
දේවාලයේ දොර වසා තිබූ නිසා අසල්වැසි නිවසකට වී බලා සිටි අතර, පෙරවරු 10.00 ට
පමණ දේවාලයේ දොර ඇරිණි.
එයින් එළියට ආ කමලාවතී හනි හනිකට නිවසට ගිය ද ඒ පසුපසින් සැමියා ද ගෙට
ගොඩවිය.
“කොහේද අද ගියේ” යැයි කපිලරත්න සිය බිරියගෙන් විමසීය.
“මම ගමනක් ගියා” යැයි ඇය පිළිතුරු දුන්නද නැවත නැවත හාර හාරා විමසීමට සැමියා
කටයුතු කළේය.
අන්තිමේදී “මම දේවාලයට ගියා. කපුමහත්තයා නිල අල්ලන්න එන්න කීවා” යැයි
පිළිතුරු දුන්නාය.
කපු මහතා කමලාවතීගේ නිල ඇල්ලීම ගල්නෑව පොලිසිය දක්වා ගියේය.
ළමාරක්‍ෂක පොලිස් ස්ථානාධිපති හේරත් මහත්මිය සිද්ධිය විභාග කර දෙදෙනාටම
හොඳින් ජීවත්වන ලෙසත්, මෙවැනි මෝඩ වැඩ ඉදිරියට නොකරන ෙලසත් උපදෙස් දුන්නාය.
නමුත් ඔහු බිරිය නැවත භාරගැනීමට නොහැකි බව තරයේම ප්‍රකාශ කළේය.
අවසානයේ කපු මහතාගෙන් මේ පිළිබඳ තීරණය කුමක්දැයි විමසීමෙන් අනතුරුව ඔහු
ද ඇය කැටුව යාමට අකමැති විය.
සිද්ධිය අවසානයේදී කපු මහතා සමඟ ඇය පොලිසියෙන් පිටවිය.
0 comments:
Post a Comment