වියම්නාමයේ හැනෝයි නගරය 2019 ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දරනු ලබන
බව ආසියානු ඔලිම්පික් කවුන්සිලය නිවේදනය කළේය.
2019 ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා ඉන්දුනීසියාවේ
සුරාබයා නගරය සමග ලංසු තැබීමේ දී තරගාවලියේ සත්කාරකත්වය හැනෝයි නගරයට
හිමිවී ඇත.
කෙසේවෙතත් නගර දෙකම මේ තරගාවලිය පැවැත්වීමට සුදුසු බව ලංසු තැබීමේ
රැස්වීමෙන් අනතුරුව ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සභාපති ෂේක් අහමඩ් අල්
ෆහාඩ් අල් සබා කුමරු ප්‍රකාශ කළේය.
වියට්නාමය ආසියානු ක්‍රීඩා උළෙලක සත්කාරකත්වය ලබා ඇත්තේ පළමු වරටය. ඊට පෙර
2009 වසරේ දී හැනෝයි නුවර ආසියානු ගෘහස්ත ක්‍රීඩා උළෙල පැවැත්විණි.
වියට්නාමය 2016 වසරේ දී 5වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ද
ලබා සිටියි.
මිලියන 7ක ජනගහණයක් වෙසෙන හැනෝයි නගරයේ දී 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග
ඉසව් 28ක්ද පැවැත්වීමට නියමිතය.
0 comments:
Post a Comment