Photobucket

Saturday, December 15, 2012

සුසාන් රයිස් අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ධුරය එපා කියයි

අමෙරිකානු රාජ්‍ය‍ලේකම් හිලරි ක්ලින්ටන් ගේ අනු ප්‍රාප්තිකයා ලෙස සුසාන් රයිස් පත්කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරී තිබුනු නමුදු ඇය තමා එම තනතුරට තෝරා නොගන්නා ලෙස ජනාධිපති ඔබාමාගෙන් ඉල්ලා තිබේ.

ලිබියාවේ බෙන්ගාසි නගරයේදි අමෙරිකා තානාපති කාර්යාලයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශය මත රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ දෝෂ දර්ශනයට ලක්ව තිබීම ඇගේ මෙම ඉල්ලිමට හේතුවී ඇතැයි වාර්තා වි තිබේ. 

දැනට එක්සත් ජාතින්ගේ අමෙරිකානු තානාපති ලෙස කටයුතු කරන ඇය ඔබාමාගේ සමීපතමයන්ගෙන් අයෙකු වන අතර හිලරි ක්ලින්ටන්ගේ අනු ප්‍රාප්තිකයා වනු ඇතැයි සැලකී තිබිණ.

එහෙත් ලිබියාවේ අමෙරිකා තානාපති ඇතුළු නිලධාරින් සිවු දෙනෙකු ඝාතනය වුණු බෙන්ගාසි ප්‍රහාරය සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශය හා පසුව සී. අයි .ඒ . සංවිධානය කළ ප්‍රකාශයන් අතර පැවති පරස්පරත්වය රිපබ්ලිකන්පක්‍ෂයෙන් දැඩි විවේචන එල්ලවීමට හේතුවී තිබිණ. කෙසේ වෙතත් ඊයේ ඔබාමා හැ ඇය ධවල මන්දිරයේදී මුණ ගැසෙන බවද ප්‍රකාශ වී තිබිණ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all