Photobucket

Friday, December 21, 2012

සූට්කේසයක සඟවා දරුවකු ගෙන යද්දී කොටු වෙයි

ග්‍රීසියේ සිට වැනීසියට බෝට්ටුවකින් පැමිණි පුද්ගලයකුගේ සූ‍ට්කේසයක් ඇතුළේ පණ පි‍ටින් සිටි පස් හැවිරිදි දරුවකු වෙනීසියානු පොලීසිය විසින් සැකකරුද සමඟ අත් අඩංගුවට ගෙන ඇත. මෙම කුඩා දරුවා ඇ‍‍ෆ්ගන් ජාතිකයකු බවත් ඔහු සතුව ගමන් බලපත් නොතිබුණු බවත් වෙනීසියානු බලධාරීහු පවසති .

දරුවා සූට්කේසයේ සඟවාගෙන පැමිණි අලි ශේකර් නමැති ඇෆ්ගන් ජාතික සැකකරු 35 හැවිරිදි වන අතර තම පවුලේ මිතුරන් වන දරුවාගේ මාපියන්ගේ ඉල්ලීම අනුව ජර්මනියේ සිටින දරුවාගේ ඥාතීන් වෙත භාර දීම සඳහා දරුවා සඟවාගෙන පැමිණි බව ඔහු පොලීසියට පවසා ඇත.

අලි ‍ශේකර් නැමැති මෙම සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු ඉතාසන්සුන්ව සි‍‍ටි බවත් අහස දෙස බලා අනතුරුව සූට්කේසය විවර කළ බවත් දේශ සිමා ආරක්ෂක භටයෝ පැවැසූහ. සූට්කේසය තුළ සිටි දරුවා ඉතා මහන්සි ගතියක් පෙන්වූ බවත් ඔහු කොපමණ වේලාවක් සූට් කේසය තුළ සි‍ටියේද යන්නත් අපැහැදිලි බව පැවැසේ. කෙසේ වුවද වැනීසිය දක්වා වූ මේ බෝට්ටු ගමනට මාස තුනකට ආසන්න කාලයක් ගතව ඇති බවද විශ්වාස කැරේ. වෛද්‍ය සුපරික්ෂාව යටතේ දරුවා රාජ්‍ය නොවන සංවිධානයක භාරකාරත්වයට පත් කර ඇති අතර මධ්‍යම ඇෆ්ගනිස්තානයේ හසාරාහි ජීවත්වන බව විශ්වාස කරන අසීම් නමැති මේ දරුවාගේ ඥාතීන් සොයා ගැනීමටත් සැකකරුගේ ප්‍රකාශ වල ඇත්ත නැත්ත දැන ගැනීමටත් ඉතාලි බලධාරීහු උත්සාහ දරමින් සිටිති . නීති විරෝධී සංක්‍රමණ නීතිය යටතේ අත්අඩංගුවට පත්වූ සැකකරු මේවන විට නිවාස අඩස්සියට පත්කර ඇත. 

මට තාත්තා ඕනා මට ජර්මනියට යන්න ඕනැ යනුවෙන් දරුවා පවසන බවද කියති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all