කවි වැනි
මිනිස්සු
වත්මන් පරම්පරාවේ ඇතැමුන් නොදන්නවාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරන විට අපට නම්
මුලින්ම සිහිපත් වන්නේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාය. කොල්වින් හැදු ව්‍යවස්ථාව
කඩින්කඩ වරින්වර සංශෝධනය කළ ජේ. ආර්. ජයවර්ධන ද ඊළඟට අපට සිහිපත් වෙයි.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් පිහිටැවූ 1970 සමඟි පෙරමුණු ආණ්ඩුවේ
වැවිලි කර්මාන්ත පදවිය දැරුවේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාය. ඊට හාත්පසින්ම වෙනස්
විෂයයක් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදීම ඔහුට භාර දී ඔහුට ව්‍යවස්ථා කටයුතු ඇමැති
පදවිය ද පිරි නැමුවේය.
ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥයන් වන ආචාර්ය ඇන්. ඇම්.
පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇතුළු පිරිසක්
සිටින ආණ්ඩුව අත තැබුවේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවකටය. ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ
කාර්යයේදී මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් සේ එක්වී එම කාර්යයට
පූර්ණ සහාය දුන්නේය.
අද වගේ දවසක් එවැනි කර්තව්‍යයකට අත ගැසුවේ නම් මුලින්ම විරුද්ධ වන්නේ රනිල්
වික්‍රමසිංහ, තිස්ස අත්තනායක සහ රවි කරුණානායක බවට අප සැක කරන්නේ එම ඇත්තන්ගේ
වර්තමාන හැසිරීම නිසාය. චීනය සමඟ එක්වී චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීම ගැන තිස්ස
අත්තනායක විරෝධය පළ කිරීමත් එයට වැය ගණන් හිලව් ඉල්ලා සිටීමත් ගැන මෙනෙහි කරන විට
ව්‍යවස්ථාවට විරුද්ධ වීම අරුමයක් නොවේ.
ව්‍යවස්ථාව හදද්දී සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා වූයේ ඉංගී‍්‍රසි භාෂාවෙනි.
එය අසාමාන්‍ය දෙයක් නොවේ. එහෙත් සිංහල කතා කරන එක් ඇමැතිවරයෙක් එහිදී කී කතාව අපට
අදත් සිහිපත් වෙයි.
“ගරු කථානායක තුමනි, ව්‍යවස්ථා හදන එක මහ ලොකු කෙංගෙඩියක් නෙවෙයි. මමත් ව්‍යවස්ථා
කීපයක්ම හදල තියෙනවා. මරණාධාර සමිතියේ ව්‍යවස්ථාව, සමූපකාර සමිති ව්‍යවස්ථාව හදල
මටත් හොඳ පළපුරුද්දක් තියෙනවා”
ඒ කතාව අසා සිටි සෙසු මන්ත්‍රීවරු සිනාසී එය බැහැර කළෝය. 1972 ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාව හදා රාජකීය නව රඟහලට ගොස් එය සම්මත කර ගැනීම ද විශේෂයකි. එය ශ්‍රී ලංකා
දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි අවස්ථාවක් ලෙස සටහන් විය. එය අප සටහන් කළේ අද කවුරුත්
ව්‍යවස්ථාව, අධිකරණය සහ ව්‍යවස්ථාදායකය ගැන කතා බහ කරන නිසාය.
එක දවසක් මම කොල්ලුපිටියේ කොල්වින්ගේ නිවෙසට ගියේ කොල්වින් සමඟ කතාබහ කොට සම්මුඛ
සාකච්ඡාවක් සකස් කොට ජනදින පත්‍රයේ පළ කරන්නටය. වේලාව උදේ අටට පමණ ඇත. කොල්වින් මා
කැටුව උදේ කෑම මේසයට ගියේය. කෑම මේසය හරි සරුය.
බත් - පොල් සම්බල් මාළු ඇඹුල් තියල් - ආප්ප ඉඳිආප්ප ආදියෙන් පිරී පැවතුණි.
“සහෝදරයා කෑම කමු ද?” කොල්වින් යෝජනා කළේය.
කන්නට සිතුණත් මොකක්දෝ අවාසනාවට ‘මම කාලා ඉන්නේ’ යැයි බොරුවක් කීවෙමි. “මොනවද
සහෝදරයා බොන්නේ” කොල්වින් යළිත් මගෙන් ඇසුවේය.
“වතුර එකක් බිව්වාම ඇති” මම කීවෙමි.
“කෙල්ලේ මේ මහත්තයාට වතුර එකක් ගෙනවිත් දීපන්” කොල්වින් කුස්සිය පැත්තට අණ කළේය.
දැන් සම්මුඛ සාකච්ඡාවත් ඉවරය. කොල්වින් උදේට කෑම කාලත් ඉවරය. සම්මුඛ සාකච්ඡාවත්
අවසන් වනතුරු කෑවා නම් කොච්චර ප්‍රමාණයක් කන්නට ඇත්දැයි මගෙන් ඇසීම අසාධාරණය.
“සහෝදරයා වතුර ආවේ නැහැ නේද” කොල්වින් වතුර වීදුරුව මතක් වූයේ දැන්ය.
කොල්වින්ට තරමක් කේන්ති ගියා වගේ පෙනිණි. ඔහු මහ හඬින් කෙල්ලට කතා කළේය.
“මේ මහත්තයා වතුර එකක් විතරයි නේ ඉල්ලුවේ. උඹ ඒකවත් දුන්නේ නැහැ නොවැ” කොල්වින් කී
විට කෙල්ල දුවගෙන ගොස් වතුර වීදුරුවක් ගෙනාවේය. කෑම ටිකකුත් කාලා වතුර එක බීවා නම්
මොනතරම් ජොලිදැයි සිතුණේ මරදානේ හෝටලයකට ගොස් උදේට පානුයි පරිප්පුයි කද්දීය.
කටාන ආසනයට ලංකා සම සමාජයෙන් තරග කළේ හෙක්ටර් ප්‍රනාන්දුය. ඔහුට විරුද්ධ ඡන්ද
පෙත්සමක් වැටුණි. හෙක්ටර් වෙනුවෙන් පෙනී සිටියේ කොල්වින්ය. ඒ පක්ෂයේ වැඩක් නිසාය.
නඩුවෙන් කොල්වින් පැරදුණේය. නඩුව අවසන් වී කොල්වින් සවස් කාලයේ පාර්ලිමේන්තු ආවේය.
අපට මතක හැටියට ඔහු අගලවත්ත මන්ත්‍රීය. පාර්ලිමේන්තු ආ කොල්වින් එවේලේ පැවැති
විවාදයකට එක්විය. කතාවක් කරන්නට පටන් ගත්තේය. සාමාන්‍ය අමුතු ආරම්භයක් ගැනීම
කොල්වින්ගේ සිරිතකි. කොල්වින් කතාව පටන් ගත්තේ මෙසේ ය.
ගරු කථානායක තුමනි! එළියේ වැහි පොද වැටෙන වෙලාවේ - දසතින් අඳුර පැතිරෙන වෙලාවේ -
කාගේත් අවධානය යොමුවී ඇති මේ වෙලාවේ...
මේ අවස්ථාවේ බිංගිරිය ලො. බ ජයසේන නැගිට “කටානත් පැරදිච්ච වෙලාවෙ“ කියා වාඩි වුණේය.
කවුරුත් සිනාසුණහ.
“කමක් නෑ කථානායක තුමනි! සිනාසෙද්දෙන්. අපි කතා කරමු” කොල්වින් කීය.
පසුව ලියමි - පසුගිය 25 වෙනිදා බර්නාඩ් ගැන ලියද්දී කොළඹ නැඟෙනහිර යනුවෙන් සටහන්
වූයේ ප්‍රමාද දෝෂයකිනි. එය දකුණු කොළඹ යනුවෙන් නිවැරැදි විය යුතුය.
0 comments:
Post a Comment