Photobucket

Monday, December 10, 2012

තායිලන්තයේ හිටපු අගමැතිවරයාට ඝාතන චෝදනා

තායිලන්තයේ හිටපු අගමැතිවරයකු වන ‘අබ්හිසිට් වෙජාජවා’ හට 2010 වසරේදී බැංකොක් නුවර සිදුවූ උද්ඝෝෂණයකදී සෙබළුන් විසින් ටැක්සි රථ රියැදුරෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව කියැවේ. මොහුට අමතරව හිටපු නියෝජ්‍ය අගමැතිවරයාද මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියි. 2010 වසරේදී තායිලන්තයේ පැවති රජයට බලයෙන් ඉවත් වන ලෙසට බල කරමින් පැවැති දැවැන්ත උද්ඝෝෂණයන් හේතුවෙන් අනූවකට අධික පිරිසක් මියගිය අතර දෙමසක කාලයක් බැංකොක් නුවර ඇතැම් ප්‍රදේශ වසා දැමීමටද සිදුව තිබිණි. 
 
බි.බි.සී. 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all