Photobucket

Sunday, December 16, 2012

පබිලිනා හාමි නළඟනක්‌ලු සේමිණීට විරුද්ධව ලියුමක්‌

සේමිණී ඉද්දමල්ගොඩ රංගන ශිල්පිනියට විරුද්ධව පසුගියදා නිර්නාමික ලිපියක්‌ ඇවිත්. මේ ලිපිය ඇවිත් තිබෙන්නේ සුදත් රෝහණ අධ්‍යක්‍ෂවරයාට. ඔහු අධ්‍යක්‍ෂණය කළ ස්‌වයංජාත, කළුවර ගෙදර නිර්මාණවලට සේමිණී ඉල්ලමල්ගොඩ රංගන ශිල්පිනිය සම්බන්ධ කරගත්තේ ඇයිද යන්න පවසා. මේ සිද්ධිය ගැන සේමිණී අපට මෙලෙස පවසා සිටියා. 

සුදත් රෝහණ අධ්‍යක්‍ෂවරයා යටතේ කළුවර ගෙදර නිර්මාණයේ පොඩිහාමිනේ චරිතය වගේම ස්‌වයංජාත නිර්මාණයේ පබිලිනා හාමි චරිත දෙකට මම සම්බන්ධ වුණා. මගේ පළමු ටෙලිනාට්‍ය සම්බන්ධවීම සිදුවුණෙත් සුදත් රෝහණ මහතාගේ ඉරබටු තරුව නිර්මාණයෙන්. ඊට වසර ගණනාවකට පසුවයි මට මේ චරිත දෙක ලැබෙන්නේ. ඔය අතරේ සුදත් රෝහණ අධ්‍යක්‍ෂවරයාට එක්‌තරා ලිපියක්‌ ඇවිත් තිබෙනවා. එහි සඳහන් වෙලා තිබෙනවා ඔයා ඇයි මේ චරිත දෙකට අසාධාරණයක්‌ කළේ කියලා. මේ චරිත දෙකට සම්බන්ධ කරගෙන තියෙන සේමිණී ඉල්ලමල්ගොඩ නමැති මැය නිsළියක්‌ නොව නළඟනක්‌ යනුවෙන් සඳහන් කරමින්. මේ වගේ වැදගත් නිර්මාණවලට නළඟනන් ගන්න එපා කියලත් එහි සඳහන් කරලා තිබෙනවා. පසුව සුදත් රෝහණ අධ්‍යක්‍ෂවරයා මට ඒ ලිපිය ලබා දුන්නා මේ බලන්න සේමිණී කොහේදෝ යන පිස්‌සෙක්‌ ඔයාට විරුද්ධව ලිපියක්‌ එවලා කියලා. මම ඒ ලිපිය එවපු කෙනා දන්නවා. නම කියන්නේ නැහැ ඇයට හානියක්‌ වන නිසා. ඉතිං මම කියන්න කැමැතියි මේ ලියුමේ සඳහන් කළ නළඟන කළුවර ගෙදර පොඩිහාමිනේටත්, ස්‌වයංජාත ටෙලිනාට්‍යයේ පබිලිනා හාමිගේ චරිතයටත් ඉෂ්ට කරපු සාධාරණය වෙනුවෙන් හොඳම නිළිය ලෙස නිර්දේශ වුණා.

මේ සිද්ධිය වුණේ කවදාද?

ස්‌වයංජාත රඟපාද්දි. මට නොවේ සුදත් රෝහණ අධ්‍යක්‍ෂවරයාටයි
මේ ලියුම ලැබුණේ. ඔහු මට එය පෙන්නුවා.

මේ සිද්ධිය පිටුපස කවුරු සිටිනවා කියලද ඔබ කියන්නේ ?

ඉන්න කෙනා දන්නවා. එයා කවුද කියා කියන්නේ නැහැ.

ක්‍ෂේත්‍රයේ තරහාකාරයෝ ඉන්නවා වගෙයි ?

ඇතිනේ. ඕනෑම ක්‍ෂේත්‍රයක එහෙම අය ඉන්නවානේ.

ඇයි මේක මුලින් මාධ්‍යයට නොකියා සිටියේ ?

ඒක අවශ්‍ය දෙයක්‌ කියලා මට හිතුනේ නැහැ. පසුව ළඟකදී මේ ලියුම මගේ අතට ලැබුණා. අනික ඒ නිර්මාණ දෙකට මෙවර සුමති සම්මාන උළෙලේ මාව හොඳම නිළියට නිර්දේශ වෙනවා. ඉතිං මම හිතුවා මේ ගැන මාධ්‍ය දැනුවත් කළ යුතුයි කියලා. මොකද මට ඒ කියපු වචන ටිකට මම උත්තරදීලා තිබෙනවානේ.

මෙවැනි ගැරහුම් ලැබිලත් ඔබ සම්මානයට නිර්දේශ වෙනවා. මොකද ඒ ගැන හිතන්නේ ?

බොරු නමක්‌ දාලා නිර්නාමික ලිපිය එවපු පුද්ගලයාට මම හොඳ පිළිතුරක්‌ දුන්නා. මොකද මේ ලියුම එවපු කෙනා මම හොඳාකාරවම දන්නවා.

මෙහෙම දෙයක්‌ කළේ ඇයි ?

ඊර්ෂ්‍යාව දරාගන්න බැරිව තමයි ඒ දේ කළේ. මොකද මට මුහුණට ගහන්න බැහැනේ, මරන්න බැහැනේ. එයාට කරන්න පුළුවන් බාල වැඩක්‌ තමයි කළේ.

නීතියේ පිළිසරණ පැතුවේ නැතිද?

අපොයි නැහැ. ගැරඬින්ට මිනිස්‌සු ගහන්නේ නැහැනේ.

මේ බාල වැඩේ කළ කෙනාට මම
හොඳ උත්තරයක්‌ දුන්නා

සේමිණීට ලැබුණු නිර්නාමික ලිපිය

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all