Photobucket

Saturday, December 15, 2012

නයි නළගන ගම කාලා රටම අන්දවපු බොරුව හෙළිවේ.

නාගයා රුපියල් 20,000කට මිලදී ගෙන තිබුණේ භාරයක් ඔප්පු කරන්නලු...

කොල්ලූපිටියේ පිහිටි සමාජ ශාලාවක නාගයෙකු සමග රංගනයක නිරත වන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෑනීමත් සමඟ මහත් ආන්දෝලනයකට තුඩු දුන් නිරෝෂා විමලරත්න හෙවත් නළඟන පිළිබදව පසුගිය කාලය පුරාවටම මාධ්‍ය හරහා තොරතුරු රැසක් හෙළිදරව් වුනා.

පසුගිය අගෝස්තු 28 වන දා කොල්ලූපිටිය පොලීසිය මගින් ඇයව අත්අඩංගුවට ගත්තේ ඇයගේ නාගයා ද සමගිනි. ඉන් අනතුරුව ඇයට පොලිසිය විසින් නඩු පැවරුණු අතර කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිරෝෂා විමලරත්න ඇප මත නිදහස් කෙරුනේ ඇය සතුව සිටි නාගයා දෙහිවල සත්ත්වෝද්‍යානයට යොමු කිරීවෙන් පසුයි.

කෙසේ වෙතත් ඇය මාධ්‍යයට තොරතුරු ඉදිරිපත් කර තිබුණේ ඇයගේ මව ඉන්දියානු කාන්තාවක් බවයි. නමුත් නිරෝෂා විමලරත්නගේ උප්පැන්න සහතිකයේ සඳහන් වී ඇත්තේ ඇගේ මව මෙරට උපන් සිංහල කාන්තාවක් වන වික‍්‍රමසිංහ මුදියන්සෙලාගේ ශ‍්‍රියාණි වික‍්‍රමසිංහ ලෙසයි.

නිරෝෂා මාධ්‍යයට සඳහන් කළේ ඇය 8 වන ශ්‍රේණිය දක්වා මෙරට අධ්‍යාපන හැදෑරූ බව සහ ඉන් පසුව ඉන්දියාවේ හයිද්‍රාබාද් හි අධ්‍යාපනය පිටත්ව ගිය  බවයි. 2007 වසරේ දන්තුරේ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයෙන් ඇය සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී ඇති බවට විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ ප‍්‍රතිඵල ලේඛනයේ සදහන්ය.


ඇය තමාට නාගයා ලැබුණේ මහනුවර – දොඩම්වල දේවාලයේ භාවනා කරමින් සිටින අතුරතුරදී බව ප‍්‍රකාශ කළත් ඇය ගාලූමුවදොර පිටියට පැමිණෙන අහිකුණ්ටක පුද්ගලයෙකුගෙන් මෙම නාගයා රුපියල් 20,000කට මිලදී ගෙන තිබුණේ භාරයක් ඔප්පු කිරීමට යැයි  පවසමිනි.

මේ අතර මහනුවර – දොඩම්වල දේවාලයේ දී නාගයා තමන්ට හමුවූ බව නිරෝෂා පවසුවද එම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන ඩබ්ලිව්.ජී. දසනායක සිද්ධිය සම්පුර්ණයෙන්ම බැහැර කරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all