Photobucket

Wednesday, December 19, 2012

විසි ලක්ෂයක රන් කැබලි රහස් ප්‍රදේශයේ සඟවාගෙන

චෙන්නායි යන්න හැදූ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට

තම රහස් පෙදෙසේ රුපියල් විසිහත් ලක්‍ෂයක් වටිනා රත්රන් කැබලි හතරක් සඟවාගෙන චෙන්නායි බලා ගමන් කිරීමට පැමිණි ඉන්දියානුවකු රේගු නිලධාරීන් පෙරේදා මධ්‍යම රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියානුවාගේ ගමන් විලාසය පිළිබඳ සැක සිතී කළ පරීක්ෂාවකදී මේ රත්රන් තොගය සොයා ගැනීමට හැකිවූ බව රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම මහතා පවසයි. සොයාගත් රත්රන් තොගයේ ග්‍රෑම් 408 ක් බර රත්රන් කැබලි හතරක් තිබී ඇත. 

එම රත්රන් සියල්ල නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් රාජසන්තක කොට ඇත. අදාළ ඉන්දියානුවා නිතර චෙන්නායි බලා ගමන් කරන බවත් ඒ එම අවස්ථාවලදී ශ්‍රී ලංකාවටද පැමිණ ඇති බවට සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී හෙළිවන බව රේගු නිලධාරීන් පවසයි.

අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයාට නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා රුපියල් 25000 දඩ මුදලක් ගෙවන ලෙස නියම කළේය.

නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, උපුල් ඉන්ද්‍රජිත්, සහකාර රේගු අධිකාරීවරුන් වන හරිස්චන්ද්‍ර ලියනගේ, මංජුල කුමාර, අමල් අබේධීර, චාරිකා හෙට්ටිගොඩ, නිශාන්ත ජයසිංහ යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all