Photobucket

Wednesday, December 19, 2012

ජල පහරට හසුවී ගසක්‌ උඩ සිටි දෙදෙනෙක්‌ බේරා ගැනේ

පැය දහයක්‌ ජල පහරට කොටුවී දිවි බේරාගත් ඩබ්ලිව්. සරත්චන්ද්‍ර, වසන්ත, ප්‍රාදේශීය ලේකම් කාලිංග ප්‍රියවංශ මහතා සමඟ පොලිස්‌ ස්‌ථානාධිපති තුමා හා නාවික හමුදා ජීවිතාරක්‍ෂක නිලධාරි. එල්. පී. ඩී. බන්දුරත්න - වැලිකන්ද

වැලිකන්ද මොණරතැන්න ගම්මානය අසල මාදුරුඔයේ වැලිගොඩ දැමීමේ නිරත දෙදෙනකු 17 දින ජලපහරට හසුවීමෙන් පැය 10 ක්‌ කුඹුක්‌ගසක්‌ උඩ සිටයදී නාවික හමුදාවේ බෝට්‌ටු යොදාගෙන ගොඩබිමට රැගෙන එන ලදී.

17 දින උදේ ලොරියට වැලි පැටවූ සිව්දෙනකු වැලි කූඩ රැගෙන ඒමට යැමේදී ගඟේ වතුර වැඩිවීම නිසා ජල පහරට හසුවූ ඇත. දෙදෙනකු ඉතා අමාරුවෙන් පිහිනා ගොඩට පැමිණි අතර රුහුණුකෙත පදිංචි ඩබ්ලිව්. සරත්චන්ද්‍ර (46) හා වසන්ත (37) දෙදෙනා අසල තිබූ කුඹුක්‌ගසකට ගොඩවී ඇත. ඔවුන්ගේ ජීවිත බේරාගැනීම දැඩි අවදානමක්‌ තිබීම නිසා වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාලිංග ප්‍රියවංශ මහතා හා පොලිසිය එක්‌ව වාකරේ නාවික හමුදාවේ ජීවිත ආරක්‍ෂක කණ්‌ඩායමේ බෝට්‌ටු යොදාගෙන 17 දින රාත්‍රි 7.00 පමණ ඔවුන් මුදාගෙන ගොඩබිමට රැගෙන එනු ලැබීය. පැය 10 වර්ෂාවට තෙමෙමින් මරබියෙන් සිටි දෙදෙනා හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවිය.

වැලිකන්ද වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. දිසානායක, පො.ප. සුමිත් චන්දන හා නිලධාරින් - ප්‍රාදේශීය ලේකම් කාලිංග ප්‍රියවංශ මහතා හා ගම්වාසීන්ගේ දැඩි කැපවීම නිසා ඔවුන් දෙදෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකිවිය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all