Photobucket

Wednesday, December 19, 2012

බලපත්‍ර නැතිව දුරකථන විකිණූ චීන නෝනාට අත්හිටවූ සිරදඬුවම්

සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ වෙළෙඳ බලපත්‍රයක්‌ නොමැතිව ජංගම දුරකථන අලෙවි කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චීන ජාතික කාන්තාවකට ගාල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් යූ. එස්‌. කලංසූරිය මහතා පස්‌වසරකට අත්හිටුවූ බරපතළ වැඩ සහිත එක්‌ අවුරුදු සිරදඬුවමක්‌ සහ රුපියල් පනස්‌දහසක දඩයක්‌ නියම කළේය.

නඩු තීන්දුවේ පිටපතක්‌ මෙරට චීන තානාපති කාර්යාලය හරහා එරටට යෑවීමටත් නඩු භාණ්‌ඩ ඇයට මුදා හැරීමටත් නියෝග කෙරිණි. මෙසේ දඬුවම් නියම වූයේ හෝ ඉන්චායි නමැති චීන ජාතික කාන්තාවටය.

ඇය ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ ඇය සන්තකයේ තිබූ ජංගම දුරකථන අලෙවි කිරීමෙන් ලබාගත් රුපියල් එක්‌ලක්‍ෂ හතළිස්‌ පන්දහස්‌ හත්සියයක්‌, ඇමරිකන් ඩොලර් දෙසීයක්‌, යෙන් දෙසිය තිස්‌පහක්‌, අලුත් ජංගම දුරකථන දහයක්‌ සහ රිසිට්‌ පත් හැටහයක්‌ද පොලිසිය මගින් සොයාගෙන ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all