Photobucket

Wednesday, December 19, 2012

කොස්ගොඩට ඩීසල් වැස්සක්

කොස්ගොඩ ප්‍රදේශයේ (18) අලුයම 5.30ට පමණ සිදු වූ රිය අනතුරක් නිසා ගාලු පාර පුරා ඩීසල් ගලා යාමට පටන් ගත් අතර, ප්‍රද්ශවාසීන් පැමිණ එම ඩීසල් අපතේ නොයවා එකතුකර ගැනීම නිසා, පාර පුරා ඩීසල් වැටී සිදුවීමට ගිය අනතුරුදායක තත්ත්වය වළක්වා ගැනීමට හැකි විය. 
 
කොස්ගොඩ පොලිසිය ඉදිරිපිට ගාලු පාර අයිනේ නතර කර තිබූ ඩීසල් බවුසරයක ගාල්ල දෙසට ධාවනය වූ කන්ටේනරයක් හැපීමෙන් මේ අනතුර සිදු වී ඇත.

දහවල් වන විටත් විවිධ පිරිස් මෙම බවුසරයෙන් ඩීසල් එකතු කරමින් සිටින අයුරු දැක ගත හැකි විය. කෝට්ටෙගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බවුසරයක් මේ අනතුරට ලක් වී ඇති අතර, බවුසරයේ හා කන්ටේනරයේ රිය සහායකයන් දෙදෙනා මේ අනතුරෙන් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ බව කොස්ගොඩ පොලිසිය පවසයි.

කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, එම්. බන්දු පත්මලාල් මහතාගේ මෙහෙයවීම යටතේ, පොලිස් රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all