Photobucket

Wednesday, December 19, 2012

කාලගුණය නිසා සා/පෙළ අහිමිවූ සිසුන්ට වෙනම විභාගයක්‌

1911 අංකයට තොරතුරු කියන්න

අයහපත් කාලගුණික තත්ත්වය නිසා  (18 වැනිදා) සහ  (17 වැනිදා) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකිවූ සිසුන්ට ඒ වෙනුවෙන් විශේෂ විභාගයක්‌ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

(17 දා) පැවැති ගණිතය I හා II ප්‍රශ්න පත්‍රවලට පෙනී සිටීමට නොහැකි වූයේ සිසුන් 18 දෙනකුට පමණක්‌ වුවද (18 දා) පැවැති සෞන්දර්ය ප්‍රශ්න පත්‍රවලට සිසුන් සැලකිය යුතු පිරිසකට පෙනී සිටීමට නොහැකි වූ බවට දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබිණි. කුලියාපිටිය ප්‍රදේශයේ විභාග මධ්‍යස්‌ථාන දෙකක සිසුන් (18 දා) විභාගයට නොපැමිණි අතර මධ්‍යම හා ඌව පළාත්වලද අම්පාර ප්‍රදේශයේ තවත් සිසුන්ට විභාගයට පැමිණීමට නොහැකි වී තිබිණි. එම සිසුන් සංඛ්‍යාව කෙතෙක්‌ද යන්න පිළිබඳව(18 දා) දහවල් වනතුරුත් විභාග දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී නොතිබූ අතර මෙම සිසුන් වෙනුවෙන් සෞන්දර්ය විෂයයන්ට හා ගණිතයට අදාළ විභාගය ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී විශේෂ විභාගයක්‌ ලෙස පැවැත්වීමට දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

විභාගයට පෙනී සිටීමේදී උද්ගත වන ගැටලු සම්බන්ධයෙන් 1911 දුරකථන අංකයට වහාම දන්වන ලෙස ද සියලුම අයෑදුම්කරුවන්ගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all