Photobucket

Saturday, December 15, 2012

මයිකල් යුගල කඩුලු රැක ගනිති

ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර පැවැත්වෙන මුරලි-වෝන් කුසලාන ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගය ඊයේ (14 දා) ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර එහිදී පළමුව පන්දුවට පහර දෙන ඔස්‌ටේ්‍රලියාව පළමු දිනට තරගය නවතා දමන විට කඩුලු 4 ක්‌ දැවී ලකුණු 299 ක්‌ ලබා සිටියේය.
 
කාසියේ වාසිය සමග පළමුව පිති ප්‍රහාරය ඇරඹු ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ පළමු කඩුල්ල ලකුණු 18 ක්‌ව තිබියදී බිඳ දැමීමට චානක වෙලගෙදර සමත් විය. වෙලගෙදර විසින් එවන ලද බවුන්සර් පන්දුවට µqල් පහරක්‌ එල්ල කිරීමට ගිය එඩ් කොමන් මිඩ් ඕන්හී සිටි ෂමින්ද එරංග අතරට උඩපන්දුවක්‌ ලබාදී පිටියෙන් ඉවත් වන විට ලකුණු 04 ක්‌ ලබා සිටියේය.

ඔස්‌ටේ්‍රලියානු දෙවැනි කඩුල්ල ලකුණු 97 ක්‌ව තිsබියදී දුවද්දී දවා ගැනීමට ඩිල්ෂාන් සහ මැතිව්ස්‌ යුගල සමත් විය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඩේවිඩ් වෝනර් පිටියෙන් ඉවත් වන විට පන්දු 89 ක්‌ වැය කරමින් හතරේ පහර අටක්‌ සමග ලකුණු 57 ක්‌ ලබා සිටියේය.

අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි පිලිප් හොග්ස්‌ පන්දු 166 කදී හතරේ පහර අටක්‌ සහ හයේ පහරක්‌ සමග ලකුණු 86 ක්‌ ලබා සිටියදී වෙලගෙදරගේ පන්දුවක්‌ හමුවේ පිටියෙන් ඉවත් විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් සාර්ථක පන්දු යවන්නා බවට පත්වූ චානක වෙලගෙදර ලකුණු 99 කට කඩුලු 3 ක්‌ බිඳ දැමීය. නොදැවී කඩුල්ලේ රැදී සිsටින නායක මයිකල් ක්‌ලාක්‌ පන්දු 136 කදී හතරේ පහර හතක්‌ සමග ලකුණු 70 ක්‌ද මයිකල් හසී පන්දු 81 කදී හතරේ පහරක්‌ සමග ලකුණු 37 ක්‌ ලබා සිටී.

ලකුණු පුවරුව

ඔස්‌ටේ්‍රලියාව පළමු ඉනිම

ඩේවිඩ් වෝනර් දු.දැවී ගියා 57

එඩ් කොමන් ඇ.එරංග ප.වෙලගෙදර 04

පිලිප් හොග්ස්‌ ප.වෙලගෙදර 86

ෂේන් වොට්‌සන් ඇ.මහේල ප.වෙලගෙදර 30

මයිකල් ක්‌ලාක්‌ නොදැවී 70

මයිකල් හසී නොදැවී 37

අතිරේක 15

එකතුව පන්දුවාර 90 කදී කඩුලු 4 ට ලකුණු 299

කඩුලු වැටීම - 1-18, 2-97, 3-183, 4-198

පන්දු යෑවීම

කුලසේකර - 22 2 51 0 වෙලගෙදර - 20 1 99 3

එරංග - 16 3 52 0 මැතිව්ස්‌ - 11 2 35

ඩිල්ෂාන් - 4 0 11 0 හේරත් - 17 3 47 0
 

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all